සිනොපෙක් සමාගම ගැන කථානායකගෙන් විශේෂ ඉල්ලීමක්..!

Sri Lanka Minister of Energy and Power Kanchana Wijesekera
By Sewvandhi May 28, 2023 02:09 PM GMT
Report

බලශක්ති අමාත්‍යවරයා සිනොපෙක් ෆුවල් ඔයිල් ලංකා සමාගම මෙරට සිදුකිරීමට නියමිත මෙහෙයුම් සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ සිදුකර ඇති පුද්ගලයින් වරප්‍රසාද කමිටුව හමුවට කැඳවා අවශ්‍ය විනය හා නීතිමය පියවර ගන්නා ලෙසට කථානායකවරයාගෙන් ඉල්ලීමක් සිදුකර ඇත.

 බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර ඇත.

පසුගිය දා නිවේදනයක් නිකුත් කරමින් සිනොපෙක් ෆුවල් ඔයිල් ලංකා සමාගම පවසා සිටියේ, ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් සඳහා වෙනත් බාහිර ආයතන යොදාගන්නා බවට පළවූ වාර්තා ප්‍රතික්ෂේප කරන බවය.

එමෙන්ම එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත්තේ, මෙරට තුළ ක්‍රියාත්මක ඉන්ධන පිරවුම්හල් හෝ එම ව්‍යාපාරය සඳහා කිසිදු බාහිර ආයතනයක් හෝ තුන්වන පාර්ශ්වයක් සම්බන්ධ කරගෙන නොමැති බවය.

සිය ඉන්ධන පිරවුම්හල් සේවා බලපත්‍ර අයිතිය වෙනත් කිසිදු පාර්ශ්වයකට පැවරීමට සිනොපෙක් ෆුවල් ඔයිල් ලංකා සමාගම අදහස් නොකරන බවත් සිය සන්නාමයේ කීර්ති නාමය ආරක්ෂා කරගැනීම සඳහා තවදුරටත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවත් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබුණි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now