කාවන්තිස්ස ඇතාගේ ඝාතනයට යුක්තිය ඉල්ලා CIDයට පැමිණිල්ලක්

CID - Sri Lanka Police Death Latest Headlines Sinhala news Kawanthissa
By R.rishma Oct 27, 2026 08:10 AM GMT
Report

කාවන්තිස්ස ඇතාගේ ඝාතනය සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලා අද (27) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

නාකුලගම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ප්‍රියන්ත හේරත් මහතා විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බව සඳහන් වේ.

කාවන්තිස්ස ඇතාගේ ඝාතනය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ද වගකීම පැවරිය යුතු බවට ප්‍රියන්ත හේරත් මහතා චෝදනා කර තිබේ.

එමෙන්ම, මෙම සිද්ධියට වගකිව යුතු පුද්ගලයන් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර සාධාරණය ඉටු කරන ලෙස ද ඔහු ඉල්ලා සිටියි.