පිරිසකට වැඩ වරදින්නයි යන්නේ. - භික්ෂු වේශධාරින්ට CID යෙන් කරන්න යන දේ මෙන්න.

CID - Sri Lanka Police
By Wayomi Mar 23, 2024 12:02 PM GMT
Report

බුද්ධ චරිතය හා බෞද්ධ ඉගැන්වීම් විකෘති කරමින් ආගමික සංහිඳියාවට හානි කරන භික්ෂු වේශධාරීන් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම්වරයා සහ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු බලධාරීන්ගේ නිරීක්ෂණ පදනම් කරගෙන මෙම විමර්ශනය ආරම්භ කර ඇත.

බරපතළ ශාසන විනාශයක් හා සමාජ අර්බුදයක් නිර්මාණය කිරීමේ කුමන්ත්‍රණකාරී සිදුවීම් රැසක් ගැන බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයට පැමිණිලි ලැබී ඇති අතර එම සිදුවීම් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් කියා සිටියේ.

එමෙන්ම චෝදනාවලට ලක් වූ භික්ෂු වේශධාරීන් සැලකිය යුතු පිරිසකගේ මේ වනවිටත් භික්ෂු ලියාපදිංචිය අවලංගු කර නිකායවලින් නෙරපා ඇති නමුත් ගිහි සමාජය ඒ ගැන දැනුවත් නොවීම හේතුවෙන් චෝදනා ලත් මොවුන් බාධාවකින් තොරව සිය කටයුතු කරමින් සිටින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.