සීයගෙ බිහිසුණු ක්‍රියාවට මුණුබුරා සමාව ඉල්ලයි..!

South Korea
By Sewvandhi Apr 10, 2023 10:57 AM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

දකුණු කොරියාවේ ග්වන්ජු නගරයේ පැවැති විරෝධතාවක් කෘෘර ලෙස මර්දනය කළ එවක එනම්,1980 වසරේ දී එරට ජනාධිපති චන් ඩූ වාන් කළ අපරාධ සම්බන්ධයෙන් ඔහුගේ මුණුබුරා සමාව ඉල්ලා තිබේ.

ග්වන්ජු සංහාරයේදී පුද්ගලයින් 200ක් පමණ ඝාතනයට ලක්ව ඇති අතර ඒ පිළිබඳ 27 හැවිරිදි චන් වූ වන් වන ඔහුගේ මුනුබුරා මෙලෙස සමාව ඉල්ලා ඇත.

චන් ඩූ වාන් ගේ නායකත්වයෙන් යුතුව දකුණු කොරියාවේ හමුදා කුමන්ත්‍රණයක් සිදුවූ අතර ඔහු ජනාධිපති ධුරයට පත්වූයේ ඉන් පසුවය.

පසුව රටට පැනවූ හමුදා නීතියට එරෙහිව ග්වන්ජු විරෝධතා ආරම්භ වූ අතර එය කෘෘර ලෙස මර්දනය කිරීමට චන් ඩූ වාන් කටයුතු කර තිබේ.

ඔහු 1995 වසරේදී අත්අඩංගුවට ගත් නමුත් එහිද වරද පිළිනොගත් ඔහුට මරණීය දණ්ඩනය හිමි විය. අපරාධය වෙනුවෙන් සමාව ඉල්ලූ චන් පවුලේ පළමු පුද්ගලයා වන්නේ චන් වූ වන් ය.  


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now