පිරිමි බව පෙන්වන වර්ණදේහය අතුරුදන් වන ලකුණු.

By Wayomi Dec 10, 2022 06:37 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

ලිංග භේදය ගැන අද වන විට ලෝකය පුරා විවිධ සමාජ ගැටලු මතුවෙනවනේ. ඔන්න ඉතින් මේ කියන්න යන්නෙත් අනාගතයේදී ලිංග භේදය තුළ පිරිමි ජාන වලට සිදු විය හැකි කාරණාවක් ගැනයි. මේ පිළිබඳ තොරතුරු PNAS ජර්නලයේ පළ කර තිබූ අතර මෙම තොරතුරු සියල්ල අන්තර්ජාලයෙනි.

🟢 මෙලොව උපදින මිනිසුන් හා ක්ෂීරපායී සතුන්ගේ ලිංග නිර්ණය සිදුවන්නේ දේහ සෛලයක ඇති වර්ණදේහ යුගල් අතරින් අවසන් වර්ණදේහ යුගලය වන 23වැනි (ලිංග) වර්ණදේහ යුගලය මගිනුයි.

🟢 ඒ අනුව ගැහැනු බවට⁣ හේතුවන ලිංග වර්ණදේහ යුගල දිගින් සමාන X වර්ණදේහ දෙකක් නිසා ඒවා XX ලෙස හැඳින්වෙනවා.

🟢 එහෙත් පිරිමි බවට හේතු වන ලිංග වර්ණදේහ දෙකෙන් එකක් X වර්ණදේහයක් වුව ද අනෙක එයට වඩා කෙටි වන නිසා එය Y වර්ණදේහය නමින් හැඳින්වෙනවා. ඒ අනුව පිරිමි බවට හේතු වන ලිංග වර්ණදේහ යුගල XY ලෙස හැඳින්වෙනවා.

🟢 එහෙත් මිනිසුන්ගේ මේ Y - ලිංග වර්ණදේහය ක්‍රමයෙන් හායනය වෙමින් පවතින බවත්, එනිසාම අනාගතයේදී මේ වර්ණදේහය අතුරුදහන් වනු ඇති බවත් නවතම අනාවරණයකින් දැක්වෙනවා.

🟢 එනිසාම එම ලිංග වර්ණදේහයේ තිබෙන ලිංග ජානය වෙනුවට නවතම ලිංග ජානයක් අප තුළ පරිණාමය නොවුණහොත් එය අපේ වඳ වී යාමට හේතු වනු ඇතැයි පෙන්වා දෙනවා.

🟢 පිරිමියෙකුට උරුම වන ලිංග වර්ණදේහ දෙකෙන් X - වර්ණදේහයේ ජාන 900ක් පමණ ඇති අතර Y - වර්ණදේහයේ තිබෙන්නේ ජාන 55ක් තරම් අඩු ගණනක්. X - වර්ණදේහයට වඩා Y - වර්ණදේහය කෙටි වීම මෙයට හේතුවයි.

🟢 පිරිමි බව තීරණය කිරීමට Y - වර්ණදේහයේ තිබෙන ප්‍රධාන ලිංග ජානය SRY නම් වන අතර එමගින් පිරිමි බව නිර්ණය කෙරෙන SOX9 නම් ජානය සක්‍රිය කරනු ලබනවා.

🟢 ක්ෂීරපායී සත්ව පරිණාමයේ මුල් අවස්ථාවක් වන ප්ලැටිපස් සහ එකිඩ්නා වැනි බිත්තර දමන ක්ෂීරපායී සතුන්ගේ පිරිමි සතුන් තුළ තිබෙන XY වර්ණදේහ යුගල දිගින් සමාන වීම විශේෂත්වයක්.

🟢 මින් අදහස් වන්නේ අතීතයේදී මුල් ක්ෂීරපායී සතුන්ගේ පිරිමි සතුන් තුළ මෙම ලිංග වර්ණදේහ යුගල සමාන ප්‍රමාණයට තිබූ බවයි.

🟢 මිනිසුන් අයත් වන දියුණු ක්ෂීරපායී සතුන් අතර බිත්තර දමන ක්ෂීරපායී සතුන්ගෙන් වෙන් වී පරිණාමය වීම ඇරඹෙන්නේ අදින් වසර මිලියන 166කට පමණ ඉහත දීයි.

🟢 ඒ අනුව එදා වර්ණදේහ 900ක් පමණ තිබූ අතීත Y - වර්ණදේහයේ ජාන සංඛ්‍යාව මිනිස් පරිණාමීය ඉතිහාසය තුළ 55ක් දක්වා අඩු වී තිබෙනවා. එය වසර මිලියනයක කාලය තුළ ජාන සංඛ්‍යාව 5කින් අතුරුදහන් වීමක්.

🟢 මේ අතුරුදහන් වීමේ ශීඝ්‍රතාව අනුව දැනට Y - වර්ණදේහයේ ඉතිරි ව තිබෙන ජාන 55ක සංඛ්‍යාව අතුරුදහන් වී යාමට ගත වනු ඇත්තේ තව වසර මිලියන 11ක කාලයක් පමණයි.

🟢 ඒ අනුව ලිංග ජානය ද සමග Y - වර්ණදේහය එතරම් කාලයක දී අතුරුදහන් ව ගිය ද මිනිසා තුළ පිරිමි බවේ ලිංග ජානය නො නැසී පවතිනු ඇතැයි විශ්වාස කිරීමට සාධක ක්ෂීරපායී සත්ත්ව විශේෂ දෙකකින් ලැබී තිබෙනවා.

🟢 ඒ සුබ පුවත ලැබී තිබෙන්නේ නැගෙනහිර යුරෝපයේ වෙසෙන Mole vole සහ ජපානයේ වෙසෙන Spiny rat නම් සත්ත්ව විශේෂ දෙකෙන්.

🟢 ඔවුන්ගේ Y - වර්ණදේහය මුළුමනින්ම අතුරුදහන් ව තිබුණ ද ඔවුන් තුළ ලිංග නිර්ණය සිදුවෙමින් වඳ නොවී පැවතීමේ හැකියාව ලැබී තිබෙනවා.  

https://theconversation.com/the-y-chromosome-is-disappearing-so-what-will-happen-to-men-90125

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW