සුපිරි පාපන්දු තරුවක් තුර්කි සුන්බුන් වලට යටවෙයි..!

Turkey Earthquake
By Sewvandhi Feb 06, 2023 02:48 PM GMT
Report

හිටපු චෙල්සි සහ නිව්කාසල් පාපන්දු තරුවක් වන ක්‍රිස්ටියන් අට්සු තුර්කියේ භූමිකම්පාවෙන් විනාශ වූ ගොඩනැගිල්ලක සුන්බුන් යට සිරවී සිටින බවට වා‍ර්ථා වනවා. ඝානා ජාතික මේ මැදපෙල ක්‍රීඩකයා එංගලන්තයේ චෙල්සි, එවර්ටන් සහ නිව්කාසල් පාපන්දු කණ්ඩායම් වෙනුවෙන් ක්‍රීඩා කළ ක්‍රීඩකයෙක්.

තුර්කි‍යේ ප්‍රදේශ සමතලා කරමින් එක රැයකින් තුර්කිය සහ සිරියාව සොලවා බිමට දැමූ මෙම ව්‍යසනකාරී භූමිකම්පාවෙන් මේ වන විට 1,600 කට වැඩි පිරිසක් මිය ගොස් තවත් දහස් ගණනක් තුවාල ලබා සිටිනවා. එංගලන්තයේ සන් පුවත් පත විසින් වාර්තා කරන පරිදි, පසුගිය ගිම්හානයේදී තුර්කි සුපර් ලිග් සමාජයක් වන හටායිස්පර් (Hatayspor) ක්‍ර්‍රිඩා සමාජය හා සම්බන්ධ වූ මෙම ඝානා ක්‍රීඩකයා සොයා ගැනීම සඳහා සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් මගින් ඔහුගේ කණ්ඩායමේ සගයන් දෙදෙනෙකු මෙන්ම තාක්ෂණික කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙක් ද සුන්බුන් අතරින් පිටතට ගැනීමට සමත වී ඇති නමුත් තවමත් ක්‍රිස්ටියන් අට්සු සිටින්නේ අතුරුදන් ලැයිස්තුවේයි. ඊයේ පැවති තරගයක දී ඔහුගේ හටායිස්පර් (Hatayspor) ක්‍ර්‍රිඩා සමාජය ට අවසන් මොහොතේ පෙරලිකාර ජයග්‍රහණයක් ලබා ගැනීමට ක්‍රිස්ටියන් අට්සු ගේ දක්ෂතා ඉවහල් වුනා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


Gallery