චමුදිතගේ නිවසට එල්ල වූ ප්‍රහාරයේ අලුත්ම CCTV දර්ශන මෙන්න...බිරිඳ සියලු දේ මාධ්‍යයට කියයි.(CCTV VIDEO)
අද අළුයම 2.10ට පමණ ප්‍රවීණ රූපවාහිනී මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම පදිංචිව සිටින පිළියන්දල කේම්බ්‍රිජ් කෝර්ට් (cambridge court) නිවාස සංකීර්ණයේ නිවසට මැර ප්‍රහාරයක් එල්ල වුණා.
සුදු වෑන් රථයකින් පැමිණි සිව් දෙනෙකුගෙන් යුත් පිරිසක් මෙම ප්‍රහාරයට සම්බන්ධ වී ඇති බවයි මේ දක්වා සිදු කරන ලද විමර්ශනවලදී හෙළිවී ඇත්තේ.
අද අළුයම් කාලයේ තමන් මුහුණ ඒ දුන් බිහිසුණු අත්දැකීම සම්බන්ධයෙන් චමුදිත සමරවික්‍රම ගේ ආදරණීය බිරිඳ වන හිරන්ති සමරවික්‍රම මහතා අදහස් දක්වමින් පවසා සිටියේ මෙවැන්නක්...
"පාන්දරට දෙක දෙකත්, දෙක හමාරත් අතර අපි නිදියගෙන ඉන්නකොට ලොකු සද්දයක් ආවා.
ඒ සද්දෙත් එක්කම අපි තුන් තුන්දෙනාටම මටයි, චමුදිතටයි, බබාටයි ඇහැරුනා.
ඊට පස්සේ අපි පල්ලයහට යන්න චුට්ටක් බයෙන් හිටියේ. හොරු කියලානේ අපිට මුලින්ම අයිඩියා එක එන්නේ.
ඊට පස්සේ එළියෙ ලයිට් දැම්මා. ඊට පස්සේ චමුදිත කිව්වා පොඩ්ඩක් පල්ලහට යන්නැතුව ඉන්න කියලා.
ලොකු සද්දයක් ආවා ඒ සද්දෙ මොකක්ද කියලා හිතාගන්න බැරි තරම් ලොකු සද්දයක්.
ප්‍රශ්නය - කීදෙනෙක් දෙනෙක් විතර ආවා ද? ඔවුන් දැක්කද කවුරුහරි?
"නෑ අපි කිසි කෙනෙක් දැක්කේ නැහැ. අපි පල්ලෙහාට ගියොත් නෑ. එළියෙන් බලනකොට කිසි දෙයක් පෙනුනෙ නෑ.
මොකද ලයිට් එළිය නැති නිසා. අපි කිසි දෙයක් එහෙම දැක්කේ නෑ.
පල්ලෙහාට ගිහිල්ලා කැමරා එකෙන් බලනකොට තමයි තුන්දෙනෙක් ඇවිල්ලා හිටියා කියලා දැක්කේ.
තව එක්කෙනෙක් සෙකියුරිටි එකේ තියලා එයාව බය කරලා තිබ්බලු.
එයාට එන්න දීලවත්, එහෙම නැත්තං අපට කතා කරන්න වත් දීලා නෑ, එයා අපිට කවුරු හරි එනවනං එතනින් දැනුවත් කරනවා, එන්න කලින්.
පස්සේ අපි සෙකියුරිටි එකට ගත්තට පස්සේ තමයි එයා කිව්වේ මෙහෙම හතර දෙනෙක් ආවා එක්කනෙක් මා ගාව හිටියා කියලා.
තුන් දෙනෙක් එක්ක ආපු බව පේනවා හැබැයි ඔක්කොම කළු පාට ජැකට් දාලා ෆුල් ෆේස් හෙල්මට් දාලා හිටියෙ.
තවම අයිඩෙන්ටිෆයි (identify) කරගන්න අමාරුයි කවුද කියලා...
මෙලෙස පැමිණි පුද්ගලයින් සිය නිවසට ගල් මුල් සහ අසූචි ප්‍රහාරයක්ද එල්ල කර ඇති බවට ඇය වැඩිදුරටත් කියා සිටියා.
ඊට අමතරව තමන්ට වෙඩි ශබ්දයක් වැනි යමක් ද ඇසුණු බවයි හිරන්ති සමරවික්‍රම වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ.
ඉන්පසු සිද්ධිය සම්බන්ධයෙන් වහාම පොලිස් හදිසි ඇමතුම් ඒකකයට දැනුම් දුන් බවත් ඒ අනුව පිලියන්දල පොලිසිය පැමිණ නිවාස සංකීර්ණයේ අවට විමර්ශන කටයුතු සිදු කරන බවත් ඇය පැවසුවා.
එහි නවතම සීසීටීවී දර්ශන පහත වීඩියෝවෙන් නරඹන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |