අත්අඩංගුවට ගන්න එපා යැයි, චිරන්තගෙන් පෙත්සමක්..!

Human Rights Council Sri Lanka SL Protest
By Sewvandhi Dec 19, 2022 09:18 AM GMT
Report

මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු ලෙස සැලකෙන චිරන්ත අමරසිංහ මහතා විසින් තමාව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.

එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, පොලිස්පතිවරයා, සහකාර පොලිස් අධිකාරී නලින් දිල්රුක්, කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයා නම් කර තිබුණි.

පෙත්සම්කරු කියා සිටින්නේ, ඉකුත් 28 වනදා නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් පැවැත්වූ විරෝධතාවයකට සහභාගි වී වාර්තා කිරීමේ කටයුතුවල තමා යෙදී සිටි බවත් ඒ සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇති බවය.

ඊට අමතරව ජූලි මස 9 වනදා ඇතිවූ සිද්ධීන් සම්බන්ධයෙන් පොලිසිය තමන්ව අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින බවට තොරතුරු ලැබී ඇති බවත් ඔහු කියා සිටියේය.

මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කර ලෙසත් පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now