ඇමරිකාවට ඉහළ අහසේ පාවෙමින් ඇති චීන ඔත්තු බැලූනය ගැන පෙන්ටගනය ගත් තීරණය.
ඇමරිකාවට ඉහළ අහසේ පාවෙමින් ඇති චීන ඔත්තු බැලූනයට වෙඩි නොතැබීමට ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් තීරණය කර තිබෙනවා.
ඒ, එහි කොටස් ජනාකීර්ණ ප්‍රදේශවලට කඩා වැටී විශාල හානියක් සිදුවීමට ඉඩ ඇති බවට පෙන්ටගනය ලබාදුන් ආරක්ෂක හේතුවෙන්.
එම බැලූනය පසුගිය බදාදා සිට ඇමරිකානු ගුවන් සීමාව තුළ නිරීක්ෂණය වූ අතර එය මේ වන විට සිවිල් ගුවන් ගමන් මාර්ග සහිත ප්‍රදේශයක් ඔස්සේ පාවෙමින් ඇති බවයි වාර්තා වන්නේ.
එය පසුගිය දිනක අන්තර්මහාද්වීපික මිසයිල 150ක් පමණ රදවා ඇති මොන්ටානාහි මැල්ම්ස්ටෝර්ම් ගුවන් කදවුරට ඉහළින් ගමන් කර ඇති බවත් සඳහන්.
ඊට ප්‍රහාර එල්ල නොකළද රහාරක යානා ඇතුළු ඇමරිකානු ගුවන් යානා මෙම බැලූනයේ ක්‍රියාකාරකම් සමීපව නිරීක්ෂණය කරමින් සිටිනවා.
මෙය ඔත්තු බැලීමේ බැලූනයක් බව ඇමරිකානු බලධාරීන් දැඩි විශ්වාසයකින් ප්‍රකාශ කළත් චීන බලධාරීන් මෙතෙක් ඒ පිළිබද ප්‍රතිචාර දක්වා නැහැ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |