නීති කඩා දඩ පොතත් ඉරූ චීන ජාතිකයකු අත්අඩංගුවට

Sri Lanka Police Sri Lanka
By Sewvandhi Nov 14, 2022 09:50 AM GMT
Report

මංතීරු වරදක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට ගිය රථවාහන පොලිස් නිලධාරියකුගේ රාජකාරියට බාධා කර තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ පොත ඉරා දැමු චීන ජාතිකයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙරට ඉංග්‍රිසි ගුරුවරයකු වශයෙන් කටයුතු කරන (40) හැවිරිදි චීන ජාතිකයෙන් බව පොලිසිය පවසයි.

සැකකරු කොල්ලුපිටිය නගරය ආසන්නයේ දී ඊයේ (13) මංන්තීරු නීතිය උල්ලංඝනය කරමින් රථ ධාවනය කරන බවට කොළඹ රථවාහන පාලන කටයුතු කරන ආරක්ෂක කැමරා පාලන අංශය නිරීක්ෂණය වීමෙන් පසු ඒ බව කොල්ලුපිටිය පොලිසියට දැනුම් දී ඇත.

ඒ අනුව කොල්ලුපිටිය පොලිසියේ රථවාහන අංශයේ පොලිස් කොස්තාපල්වරයකු සැකකරු හඹාගොස් ඔහුගේ වාහන නවත්වාගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේ දී ඔහු පොලිස් රාජකාරියට බාධා කරමින් නොසන්සුන්ව හැසිරීම නිසා එම ස්ථානයේ දී ම පොලිස අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු කොටුව මහේස්ත්රා.ත් අධිකරණයට ඉදිරිපත් කිරීම ට නියමිතව ඇත. කොල්ලුපිටිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now