අවුරුදු 60කට පසුව චීනයේ අගනුවරට සිදු වූ දේ.

Government of China China Weather
By krishani Jun 24, 2023 12:22 AM GMT
krishani

krishani

in චීනය
Report

ඊයේ (23), චීනයේ - බීජිං අගනුවරට වසර 60 කට පසුව ඉහළම උෂ්ණත්වයක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඒ සෙල්සියස් අංශක 41 යි දශම එකක් ලෙසයි.

චීන කාලගුණ අංශ නිවේදනය කර ඇත්තේ එය මේ මාසය අවසන් වනතුරු පැවතිය හැකි බවයි.

චීනයේ බීජිං අගනුවර මිලියන 21 කට ආසන්න සංඛ්‍යාවක් ජීවත් වන අතර පසුගිය මාසයේ දී ෂැංහයි නුවරින් වැඩිම උෂ්ණත්වයක් වාර්තා විය.

කෙසේවෙතත්, මීට පෙර චීනයේ ඉහළම උෂ්ණත්වයක් වාර්තා වී ඇත්තේ 1961 දී ය.