පාර්ලිමේන්තුවේ ඔත්තුකාරයෙක්.
චීනය වෙනුවෙන් ඔත්තු බැලූ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු පර්යේෂකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම ඔත්තුකරුට බ්‍රිතාන්‍යයේ පාලක පක්ෂය වන කන්සර්වේටිව් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු සභිකයින් කිහිපදෙනෙකු සමග සබඳතා පවසතින බවයි වාර්තා වී ඇත්තේ.
එම දේශ්පාලන ප්‍රභලයින් අතර බ්‍රිතාන්‍යයේ ආරක්ෂක අමාත්‍ය ටොම් ටුගෙන්දාට් සහ විදේශ කටයුතු කමිටු සභාපති ඇලිසියා කර්න්ස් ද වනවා.
එමෙන්ම ඔත්තුකරු සමග සබඳතා පැවැත්වූ තවත් ප්‍රභලයින් කිහිපදෙනෙකු පිලිබඳ අනාවරණ වෙමින් ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
අදාළ ඔත්තුකරු ලන්ඩන් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුට සහය පළ කළ තවත් අයෙකු ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බ්‍රිතාන්‍යයේ නිල රහස් පනත යටතේ ඔවුන් අත්අඩංගුවට ගැනුණු බවයි බ්‍රිතාන්‍ය බලධාරීන් සඳහන් කළේ. අත්අඩංගුවට ගැනුනු ඔත්තුකරු සහ අනෙක් සැකකරු 30 හැවිරිදි වියේ සහ 20 හැවිරිදි වියේ පසුවන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.
මේ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනක්ගේ දැඩි අවධානය යොමුව තිබෙනවා.
ඉන්දියාවේ පැවැත්වෙන G20 සමුළුවට සමගාමීව ඔහු චීන අග්‍රාමාත්‍ය ලී ක්වෑන් ද හමුවූ අතර එහිදී මෙම ඔත්තු බැලීමේ සිද්ධිය සම්බන්ධයෙන් ද අදහස් පළ කර තිබෙනවා.
එහිදී බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට චීනය මැදිහත් වීම පිළිබඳ දැඩි කනස්සල්ල පල කරන් බවයි.
