ලංකාවේ කුඹුරු වගා කරන්න චීනයෙන් ගෙන්නන්න යන දේ මෙන්න..

Mahinda Amaraweera Chinese Embassy in Sri Lanka Ministry of Agriculture Economy of Sri Lanka
By Aruna Apr 04, 2024 01:06 AM GMT
Report

චීනයේ “සී රයිස්“ (sea rice) බිත්තර වී මෙරට ලවණතාව සහිත භූමිවල වගා කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය සැලසුම් කර ඇතැයි වාර්තා වනවා.

මේ අනුව,මෙරට වෙරළ කලාපය ආශ්‍රිත සහ ලවණතාවය වැඩි භූමි ප්‍රදේශවල මෙම සී රයිස් වගා කිරීමට නියමිත බවයි පැවසෙන්නේ.

සී රයිස් බිත්තර වී චීනයෙන් ගෙන්වා පර්යේෂණ සිදු කිරීමෙන් පසුව මෙරට අක්කර ලක්ෂ දෙකක භූමි ප්‍රදේශයක සී රයිස් වගා කිරීමට නියමිතව ඇත.

කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරන්නේ, මෙරටට වී ප්‍රබේද විදෙස් රටවලින් ආනයනය නොකෙරෙන අතර,පර්යේෂණ කටයුතු සඳහා චීනයෙන් සී රයිස් බීජ ගෙන්වා ගැනීමට නියමිත බවයි.

එමෙන්ම,මින් පසුව පුරන් කුඹුරු අස්වැද්දීම සිදු කිරීම වෙනුවට එම ඉඩම්වල උචිත බෝග වගා කිරීමට පමණක් අනුමැතිය ලබාදෙන ලෙස ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති මහතා ප්‍රකාශ කළේ ය.