පුද්ගලයින් අන්ධ කල චීන ලේසර් ආලෝකය - චීනයට තවත් ප්‍රභල චෝදනාවක්..!

China
By Sewvandhi Feb 13, 2023 01:20 PM GMT
Report

දකුණු චීන මුහුදේ දී පිලිපීන යාත්‍රාවක මෙහෙයුම්වලට ලේසර් ආලෝකයක් එල්ල කිරීම මගින් බාධා කළ බවට පිලීපීනය චීනයට චෝදනා කර තිබේ.

චීන නෞකාව මගින් එම ලේසර් කිරණ එල්ල කිරීම හේතුවෙන් යාත්‍රාවේ සිටි පිලීපීන වෙරළාරක්ෂක කාර්ය මණ්ඩලයේ පුද්ගලයින් තාවකාලික අන්ධ භාවයකට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙය පිලිපීන ස්වෛරී අයිතීන් පැහැදිලිවම උල්ලංඝනය කිරීමක් බව පිලිපීන වෙරළාරක්ෂක බලකාය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා. 


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now