ආර්ථිකය අර්බුදයෙන් බැට කන ලංකාව ගැන චීන තානාපතිගේ හිත උණු වෙයි.

Sri Lanka Politician Sri Lanka Economic Crisis Government Of Sri Lanka Government of China
By Wayomi Apr 26, 2022 12:42 PM GMT
Report

පසුගිය ඉරිදා දිනයේ (24) ශ්‍රී ලංකාවේ චීන තානාපති Mr. Qi Zhenhong මහතා සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය අතර හමුවක් පැවැත්වුණා.

ඒ, කොළඹ, බෞද්ධාලෝක මාවතේ පිහිටි චීන තානාපති කාර්යාලයේදීයි.

එහිදී ශ්‍රී ලංකාවේ දැනට පවතින ඉන්ධන අර්බුදයෙන් ගොඩ ඒම සඳහා චීන රජයට අයත් China National Petroleum Corporation “Petrochina” සමාගමෙන් තෙල් නැව් 19ක ඉන්ධන මෙට්ට්‍රික් ටොන් 730,000ක් එවා ඇති බව චීන තානාපතිවරයා සඳහන් කර තිබෙනවා.

එමනේම ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ, මෙරට ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට චීන රජයට හැකි ඕනෑම උපකාරයක් කිරීමට පියවර ගන්නා බවයි.

මේ අතර කොවිඩ් වසංගතයෙන් පීඩා විදින කාලය තුළ එන්නත් කිරීමේ වැඩසටහනෙන් 71%ක් ආවරණය වන පරිදි මාත්‍රා මිලියන 26කට වැඩි ප්‍රමාණයක් ලබා දී ඇති බවත් තානාපතිවරයා එහිදී අවධාරණය කර තිබෙනවා. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.

Join Now