චීන නැවට අවසානයේ යටත් වූ මහජන බැංකුව ගත් තීරණය..

By Sewvandhi Jan 07, 2022 10:48 AM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

චීන පොහොර නැවට ඇමරිකානු ඩොලර් මිලියන 6.9ක මුදලක් මීට ටික වෙලාවකට පෙර මහජන බැංකුව විසින් මුදා හැර ඇති බව වාර්තා වෙනවා.

ඒ අදාළ නැවෙන් මෙරටට රැගෙන ආ කාබනික පොහොර අදාළ පිළිවිතරයන්ට නො මැති බවට චෝදනා කරමින් ප්‍රතික්ෂේප කිරීමත් සමඟ මතු වූ අර්බුදය සමථයකට පත් කරගැනීම සඳාහා යි.

මෙම පොහොර තොගය රැගත් 'හිපෝ ස්පිරිට්' නෞකාව දින 70කට ආසන්න කාලයක් මෙරට මුහුදු සීමාවේ රැඳී සිටීමෙන් අනතුරු ව සිංගප්පූරුව වෙත ගමන් කළේ, ජාත්‍යන්තර බේරුම්කරණ ක්‍රියාවලියකට යොමු වීම සඳහා යි.

මේ සම්බන්ධයෙන් කොළඹ වාණිජ මහාධිකරණයෙන් පනවා තිබූ නඩුව දෙපාර්ශවයේ ම එකඟතාව මත බේරුම්කරණ පදනම යටතේ ඉල්ලා අස්කර ගැනුණේ, අදාළ චීන කාබනික පොහොර සමාගමට ඇමරිකානු ඩොලර් ඩොලර් මිලියන 6.7ක් ගෙවීමේ එකඟතාව මත යි.

කෙසේ වෙතත් මහජන බැංකුවේ ප්‍රධාන විධායකවරයා මීට ටික වෙකලාවකට පෙර සඳහන් කළේ, අදාළ සමාගම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 6.9ක වන්දි මුදලක් ගෙවූ බව යි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now