චීනයෙන් මෙරටට හදිසියේම විශාල මුදල් පරිත්‍යාගයක්

srilanka china Gotabhaya Rajapaksha SLCC Yui jin pin
By Sithumi Jan 10, 2022 06:05 PM GMT
Report

චීන විදේශ අමාත්‍ය වැන්ග් යී ගේ මෙරට සංචාරය අතරතුරදී ශ්‍රී ලංකාවට මූල්‍ය ප්‍රදානයක් සිදුකිරීම ඇතුළු ව්‍යාපෘති කිහිපයක් සඳහා දායකත්වය ලබාදීමට එකඟ වී තිබේ.

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව පවසයි. එහිදී ශ්‍රී ලංකාවට රුපියල් බිලියන 25.5ක මූල්‍ය පරිත්‍යාගයක් සිදුකිරීම ඇතුළු ව්‍යාපෘති 4ක් සිදුකිරීමට චීන විදේශ අමාත්‍ය වැන්ග් යී එකඟ ව ඇත.

එම ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් වන්නේ BMICH අලුත්වැඩියාව, වකුගඩු රෝගීන් හඳුනාගැනීම පහසු කිරීමේ උපාංග සහිත ගිලන් රථ සැපයීම, කොළඹ සිටින අඩු ආදායම්ලාභීන් සඳහා අඩු ආදායම් ලාභීන් සඳහා නිවාස ඒකක 1996ක් ඉදිකිරීම පිළිබඳ ගිවිසුම් ඒ අතර වන බවය


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now