අවිවාහක අයටත් දරුවන් හදන්න දෙන්න තීරණයක්..?

Government of China China
By Sithumi Jan 30, 2023 03:30 PM GMT
Sithumi

Sithumi

in චීනය
Report

චීනයේ දරු උපත් දැඩි ලෙස පහළ යාම හේතුවෙන් ජනගහනය වැඩිකර ගැනීම සදහා බලධාරීන් සුවිශේෂී තීරණයක් ගෙන තිබෙන බව වාර්තා වී තිබෙනවා. 

 එරට නීතිය අනුව දරුවෙක් බිහිකිරීමට නිත්‍යානුකූල අවසරය ලැබෙන්නේ විවාහක කාන්තාවන්ට පමණක්‌ වන අතර මෑත කාලයේ එරට නව දරු උපත් දැඩි ලෙස පහළ ගොස් තිබෙනවා.

  මේ හේතුවෙන් දරුවන් ලැබීමට කැමති අවිවාහක අයටද ඒ සඳහා අවස්ථාව ලබාදීමටයි චීනයේ සිචුවාන් ප්‍රාන්තයේ බලධාරීන් තීරණය කර ඇත්තේ. 

  එවැනි අවිවාහක පුද්ගලයින්ට දරුවන් ලැබුණු පසු විවාහක පුද්ගලයින්ට රජයෙන් ලබාදෙන සහන ලබාදීමටද නියමිත බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.