චීනයෙන් තායිවානය හදිසියේම වටකරයි... චීනයෙන් නිවේදනයකුත් නිකුත් කෙරේ..
තායිවානය අවට මුහුදු කලාපය තුළ හමුදා අභ්‍යාසයක් ආරම්භ කරන බව චීනය නිවේදනය කර තිබෙනවා.
තායිවාන ජනාධිපති සායි ඉන් වෙන් සිය අමෙරිකානු සංචාරය අවසන් කර යළි සිය රටට පැමිණීමෙන් පසු චීනය මෙම හමුදා අභ්‍යාසය ආරම්භ කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ.
තායිවාන ජනාධිපතිනිය සිය අමෙරිකානු සංචාරය අතරතුර එරට කතානායක කෙවින් මැකාති හමුවූ අතර චීනය මෙලෙස දිගින් දිගටම ප්‍රතිචාර දක්වන්නේ ඊට එරෙහිවයි.
මෙවර ආරම්භ කරන හමුදා අභ්‍යාසය අද සිට දෙදිනක් පුරා පැවැත්වෙන බව ද චීනය නිවේදනය කර තිබේ.
ඒ අනුව චීන මහජන විමුක්ති හමුදාවේ නැගෙනහිර විධානය විසින් තායිවාන සමුද්‍ර සන්ධියේ සහ තායිවානයේ උතුරු, දකුණ සහ නැගෙනහිර ගුවන් සීමාවේ මුර සංචාරයක් සහ ඒකාබද්ධ කඩු අභ්‍යාසයක් පවත්වනු ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේවෙතත් චිනයේ මෙම ක්‍රියාකලාපය සම්බන්ධයෙන් තායිවාන රජය මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් පවසන්නේ.
ලෝක විචාරකයන් පවසන්නේ, චීනයේ මෙවැනි ප්‍රකෝපකාරී ක්‍රියා සහ ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් තායිවානය අපෙක්ෂාවෙන් පසුවන්නට ඇති බවයි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |