චීනයෙන් ශ්‍රී ලංකාවට සතුටුදායක ආරංචියක්.!!
චීනය, ශ්‍රී ලංකාවට ලබාදෙන අඛණ්ඩ සහය ඉතා ඉහළින් අගය කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අවධාරණය කරනවා.
ආර්ථික ප්‍රශ්නවලට දීර්ඝ කාලීන විසඳුම් වෙනුවෙන් චීනයෙන් සෘජු ආයෝජන මෙන්ම කෘෂිකර්මාන්තය, පුනර්ජනනීය බලශක්තිය, තොරතුරු තාක්ෂණ, අධ්‍යාපන සහ ජල සම්පාදන ක්ෂේත්‍රවල ආයෝජන අපේක්ෂා කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කි ෂෙන්හොං (Qi Zhenhong )මහතා 2023.06.26 දින කොළඹ අරලියගහ මන්දිරයේ දී හමුවූ අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා සදහන් කළා.
නව ආයෝජන ව්‍යාපෘති, චීනය සමඟ වෙළෙඳාම පුළුල් කිරීම, කොළඹ වරාය නගරය, හම්බන්තොට වරාය, දරිද්‍රතාවය පිටුදැකීමේ වැඩසටහන්, අධ්‍යාපනය, කෘෂිකර්මාන්තය, සංස්කෘතික හුවමාරු , ඉහළ පෙළේ සබඳතා සහ අඩු වරප්‍රසාද ලත් අයට ආධාර සම්බන්ධ කරුණු මෙම සාකච්ඡාවේදී ආවරණය කෙරුණා.
මෙහිදී චීන තානාපතිවරයාගෙන් අග්‍රාමාත්‍යවරයා විශේෂ ඉල්ලීමක් කළේ, චීනයේ යුනාන් ප්‍රාන්තයේ නිෂ්පාදනය කරන ලද ඉහළ අස්වැන්නක් සහිත සහල් වර්ග හඳුන්වා දී මෙරට වී නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා ග්‍රාමීය ජනයාට සහාය වන ලෙසයි.
තානාපති කිව් ෂෙන්හොං මහතා දුෂ්කරතා මඟහරවා ගැනීමට ශ්‍රී ලංකාව දරණ ප්‍රයත්නය දැකීමෙන් සතුටු වන බව පැවසූ අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ආර්ථික අභියෝගවලට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාවේ වත්මන් ප්‍රයත්නයන් සපුරාලීම සඳහා චීනයේ අඛණ්ඩ සහයෝගය ලබා දෙන බවට සහතික විය.
බදුල්ල සහ බුත්තල වැනි දුෂ්කර ප්‍රදේශවල පාසල්වලට ගොස් අධ්‍යාපන අවශ්‍යතා ලබා දීමට සැලසුම් කර ඇති බවද ඔහු කියා සිටියා.
ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය සමනය කිරීම සඳහා චීනය ලබා දෙන සහය පිළිබඳව ස්තූතිය පළ කළ අග්‍රාමාත්‍යවරයා, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඇතුළු ජාත්‍යන්තර සමුළුවලදී ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය වෙනුවෙන් චීනයේ ස්ථාවරය පිළිබඳව විශේෂ සඳහනක් කළා.
දෙරට අතර ඓතිහාසික ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳ සතුටුදායක සඳහනක් සහිතව සාකච්ඡාව ආරම්භකෙරිණි.
දීර්ඝ කාලීන සංස්කෘතික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ වැදගත්කම මෙම හමුවේදී චීන තානාපතිවරයා සඳහන් කළ අතර චීන බෞද්ධ සංගම් මගින් විහාරස්ථානවලට සහ ජාත්‍යන්තර වශයෙන් වැදගත් ථෙරවාදී බෞද්ධ මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට අඛණ්ඩව උපකාර කරන බවත් පැවසීය.
මෙම යෝජනා කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා සම්බන්ධීකරණ කමිටුවක් පිහිටුවීමට අග්‍රාමාත්‍යවරයා එකඟ වූ බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ.
– අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය