අමෙරිකාවෙන් චීනයට රතු එළියක්..පිලිපීනයත් පැටලෙයි..

American Express United States of America China
By Aruna Apr 30, 2023 07:52 AM GMT
Report

දකුණු චීන මුහුදේ කඩාකප්පල්කාරී සහ අනාරක්ෂිත ක්‍රියාකාරකම් සිදුකිරීම සම්බන්ධයෙන් අමෙරිකාව විසින් චීනයට අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා.

අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තු ප්‍රකාශක මැතිව් මිලර් ප්‍රකාශ කර ඇත්තේ, ජාත්‍යන්තර මුහුදු සීමාව තුළ පිලිපීන නාවික යාත්‍රාවකට චීනය අවහිරතා සිදුකර ඇති බවයි.

පිලිපීන ජනාධිපති ෆර්ඩිනන් මාකොස් ජූනියර් අමෙරිකාවේ නිල සංචාරයක් සඳහා සූදානම්ව සිටියදී එම තත්ත්වය වාර්තා වී තිබීම ද විශේෂත්වයක්.

පිලිපීන වෙරළ ආරක්ෂක බළකායට අයත් යාත්‍රාවකට චීනය බලපෑම් සිදුකර ඇති අතර මීට පෙර ද එවැනි අවස්ථා කිහිපයක් වාර්තා වී තිබුණා.

දකුණු චීන මුහුදේ කටයුතු සම්බන්ධයෙන් අමෙරිකානු යුද බලය ඉහළ නැංවීම සඳහා යුද කඳවුරු ගොඩනැගීමට පිලිපීනය අමෙරිකාව වෙත දූපත් කිහිපයක් ලබාදීමට ද එකඟ වී තිබුණා.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now