චීන ප්‍රහාරක යානා 19ක් හදිසියේම ඉහළ අහසට නග්ගයි..ආරක්ෂාවට රතු එළියක්..

China
By Aruna Mar 01, 2023 05:54 AM GMT
Report

චීනයේ ප්‍රහාරක යානා 19 ක් ගත වූ පැය 24 ක කාලය තුළ දී සිය ගුවන් කලාපයට ඇතුළු වී ඇති බව තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ, J-10 ප්‍රහාරක යානා 19 ක් දිවයිනේ ගුවන් ආරක්ෂක හඳුනාගැනීමේ කලාපයේ නිරිතදිග කෙළවරට පියාසර කර ඇති බවට හඳුනාගෙන ඇති බවයි.

තායිවානය තමන්ගේම භූමි ප්‍රදේශයක් ලෙස චීනය සළකන අතර සිය ස්වෛරීභාවය ප්‍රකාශ කිරීමට උත්සාහ කරන බැවින් දිවයින ආසන්නයේ චීන හමුදා ක්‍රියාකාරකම් වේගවත් කිරීම පිළිබඳව පසුගිය වසර තුනකට අධික කාලයක් පුරා තායිවාන රජය විසින් ජාත්‍යන්තරයේ ද අවධානයට යොමු කර තිබුණා.

කෙසේවෙතත් චීනය මේ සම්බන්ධයෙන් නිල වශයෙන් අදහස් දක්වා නොමැති අතර තායිවානය සිදු කරන ප්‍රකාශයන්ට අප්‍රසාදය පළ කිරීම සඳහා චීනය විසින් බොහෝ විට මෙවැනි මෙහෙයුම් දියත් කරන බව විදෙස් මාධ්‍ය පෙන්වා දී තිබෙනවා.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now