බිහිසුණු අනතුරකින් මවත් පියාත් මිය යයි. පුදුම සහගත විදිහට දිවි බේරා ගත් දරුවන් තිදෙනා දින දෙකකට පසු හමුවෙයි. (PHOTOS)
දරුණු මාර්ග අනතුරකින් සිය දෙමව්පියන් එම ස්ථානයේදීම මරණයට පත්වීමෙන් වැඩිමල් දියණිය විසින් බාල සහෝදරයන්ගේ ජීවිත බේරාගත් පුවතක් වාර්තා වෙනවා.
මෙය බටහිර ඔස්ට්‍රේලියාවේ පර්ත් අගනුවර සිට කිලෝ මීටර් 280ක් පමණ ඈතින් පිහිටි කොන්ඩිනින් නම් නගරයේ මාර්ගයක සිදුවූ අනතුරක්.
එහිදී මෝටර් රථය අනතුරකට ලක්වීමෙ 25 හැවිරිදි සින්ඩි බ්‍රෑඩොක් සහ 28 හැවිරිදි ජේක් ඩේ එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වුණා.
නමුත් ඔවුන්ගේ කුඩා දරුවන් තිදෙනාගේ දිවි බේරී තිබෙනවා.
ඥාතියෙක් කළ සොයාබැලීමකින් අනතුරුව ඔවුන්ව අනතුර සිදුවී දින දෙකකට පමණ පසුව සොයාගත් බවයි පොලිසිය පවසන්නේ.
ඒ වනවිට දරුවන් තිදෙනා, දෙමව්පියන්ගේ සිරුරු පසෙක තිබියදී වාහනයේ සුන්බුන් අතර සිරවී සිට තිබෙනවා.
ඔවුන් තිදෙනාගේ වයස පිළිවෙලින් - දියණිය වසර 5, පුතා වසර 2ක් සහ බාල පුතාට වයස අවුරුද්දක් වන අතර ඔවුන්ගේ වාහනය අනතුරට ලක්වන විට ඔවුන් නත්තල් සැමරුමකට සහභාගී වීම සඳහා යමින් සිටියදී.
ඥාතීන් පවසන්නේ 5 හැවිරිදි ගැහැණු දරුවා අනතුර සිදුවීමෙන් පසුව සිය කුඩා සොහොයුරාගේ අසුනේ පටිය ගැලවීම හේතුවෙන් ඔහුගේ දිවි බේරී ඇති බවය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |