බබාලට Passport හදන්නේ කොහොමද?
හැමෝම මනා බලන්නේ රට යන්න. passport ඔෆිස් එක ළඟ මේ දවස් වල සෝ ගෑවිල්ලේ සෙනග. හැබැයි ඉතින් සමහර දෙමව්පියන් රට යන්න සූදානම් වෙන්නේ තනිව නම් නෙවෙයි, තමන්ගේ දරුවනුත් එක්ක. නමුත් දරුවන් රැගෙන යනවා නම් ඔවුන් පොඩි වයසනේ කියලා ඔබේ passport එකෙන්ම රැගෙන යන්න බැහැ. සාමාන්‍ය නීතියට අනුව නම් වයස 16 ට වඩා අඩු හැම දරුවෙකුටම සහ අලුත උපන් බබාලාටත් දැන් වෙනම passport එකක් හදන්න ඕන.
බබාලට passport හදාගන්නේ කොහොමද?
? බබාව අරන් යන්න ඕන නැහැ. නමුත් අම්මා තාත්තා දෙන්නම යන්න ඕන.
? තාත්තා විදේශ ගතව නම් ඉන්නෙ තාත්තාගේ පාස්පෝට් කොපි එක සමඟ විරුද්ධත්වයක් නැති බවට ලිපියක් ඒ ඉන්න රටේ එම්බසිය හරහා සිල් කරලා ගෙන්න ගන්න (Fax කර ගන්න හරි පෝන් එකට හරි pdf එකක් print කර ගන්න) *අම්මා තාත්තා දෙන්නම ලංකාවෙ නම් එක NOC එකක් ඇති එකත් එතනින් ගන්න පුඑවන් නැත්තම් ඉවුන්ලෝඩ් කර ගන්න පුඑවන්.
? බබාගේ උප්පැන්න සහතිකය ( මාස 6 ඇතුලත ගත්ත ) අදාල ප්‍රදේශයේ AG office එක හරහා එක දවසින් ගන්න පුඑවන්
? අම්මා තාත්තාගෙ (කසාද සහතිකය ,උප්පැන්න සහතික, ජාතික හැදුනුම්පත, පාස්පෝට් තියෙනවනම් මේ ඔක්කොම කොපි ඕන )ඔරිජිනල් ඒවත් එක්කම *රජයේ අනුමත ස්ටුඩියො එකක් හරහා ලබා ගත් පොටෝ එක ( අපිට ස්ටුඩියෝ එකෙන් දෙන print එක අරන් යන්න)
? ඇප්ලිකේශන් එක NOC Letter එක ඩවුන්ලෝඩ් කරලා ගන්න පුඑවන්
? Appointment එකක් දාගෙන ගියාම රස්තියාදු වෙන එක අඩුයි
? One day ගන්න වූණත් ඒ දවසට අදාල passport ලබා දෙන්නෙ 12 ට පස්සේ.
? passport එක හරි නම් ඒ අය නම කතා කරනවා
? ඇප්ලිකේශන් එක පුරවද්දි නිවැරදිව පුරවන්න ගොඩක් වෙලාවට passport එක හදන්න ගද්දි තමයි ඒවා check වෙන්නේ. නිවැරදි කිරිම් තියෙනවා නම් room 19 ට කතා කරනවා ඒවා හදා ගන්න.
? බබාගේ ඇප්ලිකේශන් එකේ කොටු දෙක ඇතුලේ බබාගේ මුල් නම ලියන්න.
? අයදුම්කරුගේ අත්සන තැනට බාර දෙන කෙනාට අත්සන් කරන්න පුඑවන් ගැටඑවක් තියෙනවා නම් එතැනින් ඔබට විමසන්න පුළුවන්.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |