දරුවන් පැහැර ගැනීමේ සිද්ධීන් ගැන පොලීසියෙන් දැනුම්දීමක්..!
Nihal Talduwa
Sri Lanka
Sri Lanka Police Investigation
By Sewvandhi
පොලීසිය ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේ, දරුවන් පැහැර ගැනීමේ සිද්ධීන් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් දැඩි ලෙස විමර්ශණ සිදු කරන බවයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා අද (24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේ ඒ සම්බන්ධයෙන් ලැබී ඇති ඇතැම් පැමිණිලි ව්‍යාජ බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි.
කෙසේ වෙතත් ඇතැම් දරුවන් සමාජ මාධ්‍ය තුළින් දැක ඇති දර්ශන අනුව සිදුවීම් නිර්මාණය කර ප්‍රකාශ කර ඇති බවට කරුණු තහවුරු වී ඇති බවයි ඔහු එහිදී වැඩිදුරටත් පැවසුවේ
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |