ටික්ටොක් අභියෝගය දරුවෙකුට ගෙනා මාරාන්තික මරණය.
එක්සත් ජනපදයේ ඔහියෝහි, 13 හැවිරිදි පිරිමි ළමයෙකු ටික්ටොක් අභියෝගයක් කිරිමට උත්සාහ කිරීමේ දී මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
ඒ ජේකබ් ස්ටීවන්ස් නම් ඔහු TikTok හි Benadryl Challenge හි කොටසක් ලෙස බෙනඩ්‍රිල් නම් පෙති 12 සිට 14 දක්වා පානය කිරීමෙන් ය.
Benadryl අධික ලෙස පානය කිරීම බරපතල හෘදයාබාධ, වලිප්පුව, කෝමා හෝ මරණයට පවා හේතු විය හැකි බව එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය 2020 දී ජනතාවට අනතුරු අඟවා ඇත.
කෙසේවෙතත්, TikTok හි මෙම මාරාන්තික “Benadryl අභියෝගය පිළිබඳව විටින් විට එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය මහජනතාවට අනතුරු ඇඟවීම් සිදු කර ඇත.
මෙම දරුවාගේ මරණය සම්බන්ධයෙන් TikTok සමාගම කණගාටුව ප්‍රකාශ කර ඇති අතර මෙම භයානක හැසිරීම් ප්‍රවර්ධනය කරන අන්තර්ගතයන් දැඩි ලෙස තහනම් කර ඉවත් කිරීමට කටයුතු කරන බව Tiktok සමාගම සඳහන් කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |