පාසල් සිසුවාව අපයෝජනයට ලක් කළ විහාරාධිපති හිමිනම..සිදුකළ ඇඟ හිරිවැටෙන දේ..

hatton school Watavala Rosalla temple Dhik oya hospital
By Sewvandhi Feb 21, 2022 02:24 PM GMT
Report

 වටවල රොසැල්ල හයිඩ්‍රි විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ව (21) දින සැකපිට අත්අඩංගුවට ගත් බව වටවල පොලිසිය පවසනවා.

වටවල රොසැල්ල හයිඩ්‍රි ජනපදයේ අවුරුදු 13 වයසැති පාසල් සිසුවෙකුට එම විහාරස්ථානය තුලදි (20) දින විහාරාධිපති හිමියන් විසින් ලිංගික අපයෝජනය කලේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම සිසුවාගේ පියා විසින් වටවල පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත විහාරාධිපති හිමියන්ව සැකපිට අත්අඩංගුවට ගත් බවයි පොලිසිය කියා සිටියේ.

එම පාසල් සිසුවාව විහාරාධිපති හිමියන් විසින් විහාරස්ථානය වෙත කැදවා ලිංගික අපයෝජනය කර ඇති බවට පාසල් සිසුවා විසින් ඔහුගේ පියා වෙත පැවසිමෙන් අනතුරුව පියා විසින් සිද්ධිය සම්බන්ධයෙන් වටවල පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

අපයෝජනයට ලක් වුවේ යැයි කියන පාසල් සිසුවා දික්ඔය මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර වෛද්‍ය වාර්තාවක් ලබා ගන්නා බවත්, සැකපිට අත්අඩංගුවට ගත් විහාරාධිපති හිමියන්ව හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවයි වටවල පොලිසිය කියා සිටියේ. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now