කුකුළු පැටවුන් ගැන විශේෂ තීරණයක්..!

Mahinda Amaraweera Sri Lanka Ministry of Agriculture
By Sewvandhi May 24, 2023 12:45 PM GMT
Report

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය හා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අයත් ගොවිපොළවලින් කුකුළු පැටවුන් අවිදිමත් ලෙස බැහැර කිරීම වහා අත්හිටුවන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

එනම්, වසර කිහිපයක් පුරා මෙම ගොවිපළවලින් උපත ලබන කුකුළු පැටවුන් මාසයකට 5000කට ආසන්න ප්‍රමාණයක් ඌරන්ට කෑම සඳහා යොදවන බවට තොරතුරු ලැබී ඇති බව සඳහන්.

කෙසේ වෙතත් ඉදිරියේදී අඩු ආදායම්ලාභී සහ රැකියා විරහිත තරුණ පිරිසට මස් පිණිස කුකුළු පාලනය සිදු කිරීමට එම සතුන් ලබා දීමට වැඩපිළිවෙලක් සකස් කරන ලෙසයි අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත්තේ


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now