රසායනික ද්‍රව්‍යයක් විෂ වී පිරිසකට සිදු වූ දේ. - සුවඳ විලවුන් කර්මාන්ත ශාලාව ගැනත් තීරණයක් ගනී. (UPDATE)
පානදුර, නල්ලුරුව ප්‍රදේශයේ සුවඳ විලවුන් නිෂ්පාදනගාරයක විෂ වායු ආඝ්‍රහණයක් හේතුවෙන් එහි සේවකයින් 30 දෙනෙකු රෝහල්ගත කර කළ අතර අදාළ සිදුවීම හේතුවෙන් කර්මාන්තශාලාව තාවකාලිකව වසාදැමීමට උපදෙස් දුන් බව පිංවත්ත පොලීසිය සඳහන් කළා.
සුවඳ විලවුන් ඇතුළු නිෂ්පාදන සිදුකරන එම කාර්මාන්තශාලාවේ රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කිරීමේදී සිදුවූ වායු ආඝ්‍රහණයක් මෙම සිද්ධියට මුල් වී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
වායු ආඝ්‍රහණයත් සමග රෝගී වූ එහි සේවකයින් 30 දෙනෙකු පමණ පානදුර මූලික රෝහලටත් ඉන් පිරිසක් පෞද්ගලික ප්‍රතිකාර සඳහාත් යොමු කිරීමටත් එම ආයතනය පියවර ගෙන තිබෙනවා.
UPDATE........................
පානදුර, නල්ලුරුව ප්‍රදේශයේ කර්මාන්තශාලාවක රසායනික ද්‍රව්‍යයක් විස වීමෙන් පුද්ගලයින් 30 දෙනෙකු පමණ රෝහල්ගත කර තිබෙනවා.
සුවඳ විලවුන් ඇතුළු ද්‍රව්‍ය නිෂ්පාදනය කරන ආයතනයක මිශ්‍රණයක් සැකසීමේ දී රසායනික ද්‍රව්‍යයක් වෙනස්වීමෙන් මෙම තත්ත්වය හට ගෙන ඇත.