කාබනික පොහොර ගැන ජනතාවට සුබදායක ආරංචියක්.
Sri Lanka
Political
Mahindananda
Chemical
Cabinet decision
By Aruna
2022 යල කන්නය සඳහා පරිසර හිතකාමී දේශීය පොහොර මිල දී ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් රජයේ පොහොර සමාගම් දෙක මඟින් එම මිල දී ගැනීම සිදුකිරීමට කළ යෝජනාව ට එලෙස අනුමැතිය හිමිව ඇත.
එමෙන්ම යල කන්නය සඳහා ගොවීන් වෙත දේශීය කාබනික පොහොර සැපයීම සඳහා පොහොර ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඇරඹීමටත් අනුමැතිය හිමිව ඇත.
පොහොර සහනාධාර වැඩසටහන යටතේ වෙන් කර ඇති ප්‍රතිපාදන භාවිත කර එම මිල දී ගැනීම සිදුකිරීමට නියමිතය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |