හිටපු ජනපති මෛත්‍රී ගේ දියණියට හදිසියේම සිදු වූ දේ..පොලිසිය වහාම ක්‍රියාත්මක වෙයි..

CID - Sri Lanka Police Police spokesman Maithripala Sirisena
By Aruna Jan 23, 2024 12:56 AM GMT
Report

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ දියණිය වන චතුරිකා සිරිසේන පදිංචි බත්තරමුල්ල වික්‍රමසිංහපුර නිවස බිඳ නිවසේ තිබූ රන් ආලේපිත ඔටුවකුගේ පිළිමයක් ඇතුළු රුපියල් ලක්ෂ තිහක් පමණ වටිනා දේපළ සොරකම් කරගෙන ගොස් ඇතැයි තලංගම පොලිසිය පවසනවා.

පෙරේදා (20) දහවල් 12ත් සවස 06ත් අතර කාලයේදී මෙම සොරකම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

චතුරිකා සිරිසේනගේ සැමියා වන සුරංජිත් වේවැල්පනාව විසින් මේ පිළිබඳ තලංගම පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

සිදුකරන ලද ස්ථානීය පරීක්ෂණයේදී නිවසේ අල්මාරියක තිබූ රුපියල් එක්ලක්ෂ පනස් දහසක මුදල්, රන් ආලේපිත ඔටුවකුගේ පිළිමයක්, රන් ආලේපිත සිංගප්පූරු කාසි අටක්, ස්මාර්ට් අත් ඔරලෝසුවක්, වියළි ආහාර ද්‍රව්‍ය හා පාසල් පොත් බෑගයක් සොරකම් වී ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

තලංගම පොලිසියේ අපරාධ අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ලක්ෂිතගේ මෙහෙයවීම මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර මෙය මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයකු හෝ පිරිසක් විසින් සිදුකර තිබෙන සොරකමක් බවට පොලිසිය සැකපල කරයි.

සොරකමට ලක්වූ මුදල් හා භාණ්ඩවල වටිනාකම රුපියල් විසි නව ලක්ෂ හැට හතර දහසක් බව පොලිසිය සඳහන් කරන අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇත.

Sponsored By Sarrita Jewellery

හිටපු ජනපති මෛත්‍රී ගේ දියණියට හදිසියේම සිදු වූ දේ..පොලිසිය වහාම ක්‍රියාත්මක වෙයි.. | Chathurika Sirisena