ලෝකේ තියන ඕනම ප්‍රශ්නයකට උත්තර දෙන කෘතිම බුද්ධියේ දැවැන්ත පෙරළිය - ChatGPT චැට්බොට් එක..(VIDEO)

Artificial Intelligence
By Sewvandhi Jul 20, 2023 03:32 PM GMT
Report

කෘතිම බුද්ධිය (AI) පිළිබඳ පර්යේෂණ සිදුකරන OpenAI නම් ආයතනය මගින්,පසුගිය වසරේ නොවැම්බර් 30 වැනි දා ChatGPT චැට්බොට් එක ප්‍රසිද්ධියේ නිකුත් කෙරුණා.එහි ආරම්භකයින් අතර ඊලොන් මස්ක් ද වේ.

නමුත් සමාගම අනතුරු අඟවන්නේ, චැට්බොට් එක ගැටලුසහගත පිළිතුරු ලබාදිය හැකියැ යි ද, පක්ෂග්‍රාහී හැසිරීම් ප්‍රදර්ශනය කළ හැකිවේදැයි කියයි.


"මෙම පද්ධතිය වැඩිදියුණු කිරීමේ අපගේ අඛණ්ඩ වැඩකටයුතු උදෙසා පරිශීලක ප්‍රතිචාර රැස් කිරීමට උනන්දුවන" බව ද OpenAI පවසයි.

 OpenAI සමාගම විසින් GPT (Generative Pre-Trained Transformer) ලෙස හඳුන්වන කෘත්‍රිම බුද්ධි වැඩසටහන් මාලාවක නවතම ගොඩනැගුම තමයි ChatGPT කියන්නේ.

එනම් මෙම පද්ධතිය සංවර්ධනය කිරීම සඳහා, මිනිසුන් සමග සංවාද කිරීම මඟින් එහි පෙර පද්ධති අනුවාදයක් වැඩිදියුණු කෙරිණි.

ChatGPT චැට්බොට් එක අත්හදා බැලූ බොහෝදෙනා එහි ප්‍රතිඵලයෙන් විශ්මයට පත්ව සිටිති. OpenAIහි ප්‍රධාන විධායක නිලධාරී සෑම් ඇල්ට්මන් ට්විටර් පණිවිඩයක් හරහා මේ කෘත්‍රිම සංවාදකයා කෙරෙහි ඇතිව තිබෙන උනන්දුවේ මට්ටම හෙළි කළේ ය.