බ්‍රිතාන්‍යයේ රජු ලෙස චාල්ස් කුමරුව නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ

United Kingdom Queen Elizabeth II King Charles III
By Sewvandhi Sep 10, 2022 10:45 AM GMT
Report

ශාන්ත ජේම්ස් මාලිගයේ පැවති උත්සවයකදී චාල්ස් කුමරු බ්‍රිතාන්‍යයේ රජු ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. චාල්ස් කුමරු ඔහුගේ මව දෙවන එලිසබෙත් මහ රැජිනගේ අභාවයෙන් පසු රාජ්‍ය ධුරයට බවට පත් වුව ද අද පැවති සම්ප්‍රදායික රැස්වීමකදියි එය නිල වශයෙන් තහවුරු කළේ.

ප්‍රවේශ කවුන්සිලය, ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයින්, විනිසුරුවරුන් සහ නිලධාරීන්ගෙන් සමන්විත වූ විශේෂ සභාවකදී නව රජුගේ පත් කිරීම ප්‍රකාශයට පත් කෙරුණා. මෙහිදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් රජු පැවසුවේ තම මවගේ අභාවය ප්‍රකාශ කිරීම තමාගේ යුතුකමක් වන බවයි

. කෙසේවෙතත් එය ඉතා කණගාටුදායක කරුණක් බව ද ඔහු සඳහන් කළා. "මම සිතනවා මුළු ලෝකයම, අප සියල්ලන්ම අත්විඳින ලද පිරිමැසිය නොහැකි පාඩුව ගැන කම්පා වනු ඇති බව. මගේ සහෝදරියන්ට සහ සහෝදරයන්ට බොහෝ දෙනෙක් දක්වන අනුකම්පාව දැනගැනීම මට ලොකුම සැනසීමයි."

මෙම උත්සවයට ප්‍රිවි කවුන්සිලයේ සාමාජිකයින් 200 ක් සහභාගී වූ අතර හිටපු අගමැතිවරුන් වන බොරිස් ජොන්සන්, තෙරේසා මේ, ඩේවිඩ් කැමරන්, ගෝර්ඩන් බ්‍රවුන්, ටෝනි බ්ලෙයාර් සහ ජෝන් මේජර් ඇතුළත් වුනා. එක්සත් රාජධානියේ දීර්ඝතම කාලයක් රජකම් කළ දෙවන එලිසබෙත් මහා රැජින පසුගිය බ්‍රහස්පතින්දා සවස Balmoral Castle හිදී අභාවප්‍රාප්ත වුණා. ඒ වන විට ඇයගේ වයස අවුරුදු 96ක්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW