ලබන 8 වෙනිදා ආණ්ඩුවට වෙන්න යන දේ චන්න ජයසුමන කියයි

Sri Lanka Channa Jayasumana Government Of Sri Lanka Sri Lankan political crisis
By Sewvandhi Oct 29, 2022 09:34 AM GMT
Report

ලබන දෙසැම්බර් මස 8 වෙනිදා අයවැය ලේඛනය පරාජයට පත්වී ආණ්ඩුව බිඳ වැටීමේ බරපතළ අනතුරක් පවතින බව නිදහස ජනතා සභාවේ සාමාජික අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.

විසි එක් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඡන්දය දීමට නොපැමිණි ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් අයවැය ලේඛනය පිළිබඳව ඡන්දය විමසන අවස්ථාවේදීද ඒ ආකාරයටම කටයුතු කිරීමේ වැඩි ඉඩකඩක් පවතින බවත් එසේ වුවහොත් අයවැය පරාජයට පත්වී ආණ්ඩුව විසුරුවා හැරීම සඳහා බල කෙරෙන අවස්ථාවක් නිර්මාණය විය හැකි බවත් හෙතෙම සඳහන් කළේය.

විසිඑක් වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා ඡන්ද විමසීමට නොපැමිණි ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් ඇමැති ධුර මෙන්ම තම පවුල්වල පවුල්වල සාමාජිකයන්ට සහ හිතවතුන්ට ආණ්ඩුකාර ධූර ලබා ගැනීමට මේ දිනවල අරගල කරමින් සිටින තත්වයක් පෙනෙන්නට ඇතැයිද ඔහු කීවේය. 

 ආණ්ඩුවට දැනට ඇත්තේ මන්ත්‍රීවරුන් 8ත් 12ත් අතර බහුතරයක් පමණක් බව පැවසූ චන්න ජයසුමන මහතා ආණ්ඩුවේ සුළු කොටසක් හෝ ඡන්දය දීමෙන් වැලකී සිටියහොත් නියත වශයෙන්ම අයවැය පරාජයට පත්වන බවද ප්‍රකාශ කළේය.

මේ අතර ආර්ථිකමය වශයෙන් ප්‍රබල වම පීඩාවට පත්ව සිටින ගොවි ජනතාව, රජයේ සහ පෞද්ගලික සේවකයන් ඇතුළු ජන කොටස් අමතක කර කොටසකට පමණක් මෙවර අයවැය ලේඛනයෙන් සහන සැලසුව හොත් සහ ආර්ථිකයේ යහපත් දිශානතියක් නොපෙන්වා සිටියහොත් එම ලේඛනයට කිසිසේත්ම සහාය නොදෙන බව ඔහු වැඩිදුරටත් පැවසීය. මහාචාර්ය චන්න ජයසුමන මහතා මෙසේ පැවසුවේ කොළඹදීද ඊයේ(28) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now