කැබිනට් අමාත්‍ය මන්ඩලයේ සිදුකළ තවත් සංශෝධන කිහිපයක්..(PHOTOS)

Chamal Rajapaksha Cabinet ministers Vimalaweera Disanayake Dilun amunugama Aryndika fernando
By Sewvandhi Mar 04, 2022 09:49 AM GMT
Report

කැබිනට් අමාත්‍ය ධූරවල තවත් වෙනස්කම් කිහිපයක් සිදුව ඇති බව වාර්තා වෙයි. ඒ අනුව වනජීවි රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ විමලවීර දිසානායක මහතා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී ඇත.

මීට පෙර එම අමාත්‍යාංශය පැවතියේ චමල් රාජපක්ෂ මහතා යටතේය. එසේම වනජීවි හා වන සම්පත් සංරක්ෂණ කැබිනට් අමාත්‍යවරයා ලෙස සී බී රත්නායක මහතා ද දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

එමෙන්ම දිලුම් අමුණුගම මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස අද (04) දිවුරුම් දුන්නේය.

සිය ධූරයෙන් ඉල්ලා අස්වූ අරුන්දික ප්‍රනාන්දු මහතා ද නැවත සිය රාජ්‍ය අමාත්‍ය ධූරයේ දිවුරුම් දී තිබේ.

පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඔහු එම රාජ්‍ය අමාත්‍ය ධූරයේ එලෙස යළි දිවුරුම් දී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGallery