චන්ද්‍රිකා සහ නිමල් ඇතුළු පිරිසක් පක්ෂයෙන් එළවයි.

Chandrika Kumaratunga K W Shantha Bandara Mahinda Amaraweera Nimal Siripala De Silva Ranjith Siyambalapitiya
By Wayomi Nov 22, 2022 09:20 AM GMT
Report

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින් කිහිපදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට එහි මධ්‍යම කාරක සභාව තිරණය කර තිබෙනවා.

ඒ අනුව පක්ෂ මතයට හා මධ්‍යම කාරක සභාවේ තීන්දුවලට පටහැනිව කටයුතු කළ අනුශාසක හිටපු සභාපතිනි සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, හිටපු ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල ද සිල්වා, පක්ෂයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපසභාපති මහින්ද අමරවීර, හිටපු උපලේකම් රංජිත් සියඹලාපිටිය, හිටපු ප්‍රචාරක ලේකම් ශාන්ත බණ්ඩාර, හිටපු භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න, උපසභාපතිවරුන් වන සුරේන් රාඝවන්, චාමර සම්පත් දසනායක සහ ජගත් පුෂ්පකුමාර අතුළු පිරිසේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවනු ලැබුවා.

ඒ, එම පක්ෂ මධ්‍යම කාරක සභාව පෙරේදා (21) සවස රැස් වූ අවස්ථාවේදී.

පසුව පක්ෂ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ෂාන් විජයලාල් සිල්වා, අංග්ජන් රාමනාදන් සහ හිටපු අමාත්‍ය ෆයිසර් මුස්තාපා යන අය පත්කර තිබෙනවා.    


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW