චන්ද්‍රයාන් 3 යානය සාර්ථකව සඳ මතට පා තබයි - විඩියෝ සහිතයි.. (VIDEO/PHOTOS)

Government Of India India
By krishani 2 years ago
Report

චන්ද්‍රයාන් 3 යානය සඳ මතට සාර්ථකව ගොඩ බැස ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඒ අනුව ඉන්දීය වෙලාවෙන් සවස 06.04ට සඳ මතට ගොඩ බැස තිබෙනවා.

සඳේ මෙතෙක් ගවේෂණයට ලක් නොවූ දකුණු ධ්‍රැව ප්‍රදේශයට ලූනා යානයක් ගොඩබැස්වීමට රුසියාව දැරූ ප්‍රයත්නය අසාර්ථක වී දින කිහිපය ඇතුළත මෙලෙස ඉන්දියාවට අවස්ථාව උදා වී ඇත.

හින්දි සහ සංස්කෘත භාෂාවලින් සඳ යානය යන අරුත් ඇති චන්ද්‍රයාන්, සඳේ දක්ෂිණ ධ්‍රැවයට ළඟාවීමට දරන දෙවැනි ප්‍රයත්නය මෙය වේ.

චන්ද්‍රයාන් 2, 2019 වසරේ දැරූ ප්‍රයත්නය අසාර්ථක වූයේ, එය සඳ මතට කඩා වැටීමෙනි.

කෙසේ වෙතත්,  චන්ද්‍රයාන් 3, සඳේ දක්ෂිණ ධ්‍රැවයට සාර්ථක ගොඩබැස්වීමක් සිදුකිරීම ඉන්දියාවට එහි ආවාටවල ද්‍රව අයිස් විශ්ලේෂණයට ඉඩ සැලසෙනු ඇත.

එමෙන්ම සඳේ භූවිද්‍යාත්මක සංයුතිය හඳුනාගැනීමට විශේෂයෙන් වැදගත් බව අභ්‍යවකාශ විද්‍යාඥයෝ පෙන්වා දෙති.

විඩියෝ දර්ශන - ISRO YouTube Channel

GalleryGallery