විශාල ශබ්දයක් සමඟ වෙඩි ශබ්දයක් ඇසුනා...ගේ පුරාම අසූචි..චමුදිත සිදුවීම ගැන ප්‍රථම වරට මාධ්‍යයට කියූ දේ මෙන්න..(CCTV VIDEO)
Police
Accident
Piliyandala
Chamuditha samarawickrama
By Aruna
තමන් තම නිවසේ නිදා සිටියදී කිසියම් කණ්ඩායමක් පැමිණ එක දිගට පහරදුන් බව ඒ සමග විශාල ශබ්දයක් ඇසී තමන් නින්දෙන් අවදි වුණු බවත් මාධ්‍යවේදී චමුදිත සමරවික‍්‍රම මහතා සඳහන් කරනවා.
පිළියන්දල පිහිටි ඔහුගේ නිවසට එල්ල වූ ප්‍රහාරය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හෙතෙම මේ බව කියා සිටියා.
නිවසේ වීදුරු රැසකට හානි සිදුවී ඇති බවත්, නිවස පුරාම අසූචි ප්‍රහාරයක් එල්ල වී ඇති බවත් පැවසූ ඔහු මේ සම්බන්ධයෙන් තමන්ට සැක කළ හැකි අයෙකු නම් කළ නොහැකි බවද කියා සිටියා.
තමන් සිටින නිවාස සංකීර්ණයේ ආරක්ෂක නිලධාරියාට පිස්තෝලයක් එල්ල කර බිම දිගාකර මෙම ප්‍රහාරකයන් පැමිණ ඇති බවද ඔහු තවදුරටත් පැවසීය.
මේ වන විට තම නිවසේ නිවසට පැමිණි පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ අරඹා ඇති බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.
වැඩි විස්තර පහත වීඩියෝවෙන් නරඹන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |