මාධ්‍යවේදී චමුදිත සොයා ආයුධ සන්නද්ධ පිරිසක් එයි..නිවසට ප්‍රහාරයක්...

Police Accident Piliyandala Chamuditha samarawickrama
By Aruna Feb 14, 2022 12:24 AM GMT
Report

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට අද (14) අළුයම පැමිණි ආයුද සන්නද්ධ පිරිසක් ඔහුට මැර තර්ජනය කර පලාගොස් ඇති බව වාර්තා වනවා.

අද (14) අළුයම 2.00ට පමණ සුදු පැහැති වෑන් රථයකින් පැමිණි ආයුද සන්නද්ධ තිදෙනෙකු පිළියන්දල පිහිටි චමුදිත මහතාගේ නිවස පිහිටි, නිවාස සංකීර්ණයට පැමිණ එහි ආරක්ෂක නිලධාරියාට ගිනි අවි පෙන්වා නිවසට ඇතුළු වීමට උත්සහ කර තිබෙන බවටයි වාර්තා වන්නේ.

ඉන් පසු නිවසට අසුචි සහ ගල් ප්‍රහාරයක් එල්ලකොට පලා ගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පිළියන්දල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now