චමුදිතට සහ හිරුණිකාට ගැසූ අසූචි ප්‍රහාරය ගැන විශේෂ හෙළිදරව්වක්..
Parliament
Political
Hirunika premachandra
Samagi janabalawegaya
Chamuditha samarawickrama
Hekter appuhami
By Aruna
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට අසූචි ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණි පුද්ගලයා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ නිවස අසල විරෝධතාවයේදී මලපහ එල්ල කළ පුද්ගලයා එක හා සමාන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා සඳහන් කරනවා.
ඔහු මේ අදහස් පල කලේ, පාර්ලිමේන්තුවේ විශේෂ හෙළිදරව්වක් සිදු කරමිනි.
“හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මැතිණියගේ ගේ ඉස්සරහට ගිහිල්ලා කෑ ගහපු අය මළ පහ කළා එතන. ඒකේ පොටෝ ටික අපි ගාව තියෙනවා.
මම දැන් ඔත්තුවක් දෙනවා. ඒ මළ පහ කරපු එක්කෙනාගේ හැඩරුව සමානයි අර චමුදිත මාධ්‍යවේදියාට අසූචි ගහන්න ගිය අපි සී.සී.ටී.වී. පොටෝ වලින් දැකපු කෙනාට.
මේ සම්බන්ධව යම්කිසි පියවරක් ගන්න කියලා මේ අවස්ථාවේදීම ඉල්ලීමක් කරනවා”
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |