පුෂ්පිකා ද සිල්වා පොලීසියට - සිදු වු දේ මෙන්න..
Police
Pushpika De silva
Chamuditha Samarawickrama
Piliyadala
By Sewvandhi
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට ප්‍රහාරයක් එල්ල වීම සම්බන්ධයෙන් පොලීසියට ප්‍රකාශයක් ලබාදීම සඳහා ශ්‍රී ලංකා විවාහක රූ රැජින වන පුෂ්පිකා ද සිල්වා මහත්මිය පිළියන්දළ පොලීසියට පැමිණියා.
මීට පෙර ඇයට පසුගිය 23 දා පොලීසියට පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙස දැනුම් දී තිබුණත් යොදාගත් රාජකාරියක් හේතුවෙන් එදිනට පැමිණිය නොහැකි බව ඇය සිය නීතිඥවරු මාර්ගයෙන් පොලීසිය දැනුවත් කර තිබුණා.
ඒ අනුව නැවතත් අද දිනයේදී පොලීසියට පැමිණ ප්‍රකාශයක් ලබාදෙන දෙන ලෙස පොලීසිය කළ දැනුම් දීම අනුව ඇය මෙසේ සිය නීතිඥවරුන් සමග පොලීසියට පැමිණ තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |