චාමික කරුණාරත්නට තරග තහනම් කරයි..!

Sri Lanka Cricket Sri Lanka
By Sewvandhi Nov 23, 2022 12:46 PM GMT
Report

පසුගිය දා ඕස්ට්‍ රේලියාවේ දී පැවති පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍ රිකට් තරගාවලිය අතරතුරදී ක්‍ රීඩක විනය නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ශ්‍ රී ලංකා තුන්ඉරියව් ක්‍ රීඩක චාමික කරුණාරත්නට එරෙහි ව එල්ල වූ සියලු චෝදනාවලට වැරදිකරු බව එම චෝදනා විමර්ශනය කිරීමට පත් කළ ත්‍ රිපුද්ගල කමිටුව තීරණය කර තිබෙනවා.

මේ අනුව, මෙම ත්‍රිපුද්ගල කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවට නිර්දේශ කර ඇත්තේ චාමික කරුණාරත්න උල්ලංඝනය කර ඇති ක්‍රීඩක ගිවිසුම් කොන්දේසි බරතපතළ තත්ත්වයේ පවතින බවත්, එහෙයින් ඔහුට දැඩි ලෙස අවවාද කළ යුතු බවට යි.

එමෙන්ම, ඔහුගේ ක්‍රීඩා දිවියට දැඩි බලපෑමක් ඇති නොවන පරිදි දඬුවමක් පැමිණවීම ද සුදුසු බවට ඔවුන් ක්‍රිකට් විධායක කමිටුවට නිර්දේශ කර තිබෙනවා. මේ අනුව, ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර ඇත්තේ, චාමික කරුණාරත්න හට වසරක සියලුම මාදිලියේ ක්‍රිකට් තරග සඳහා තහනමක් පනවන්නට යි.

පසුව, එය වසරක කාලයක් සඳහා අත්හිටවනු ලැබූ අතර, ඊට අමතරව චාමික කරුණාරත්න හට අමරිකානු ඩොලර් පන්දහසක (ශ්‍රී ලංකා මුදලින් රුපියල් දහඅට ලක්ෂ විසි හත්දහසක) දඩ මුදලක් පැනවීමටත් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කළා.

මෙම වසරක පරිවාස කාලය තුළදී චාමික කරුණාරත්න නැවතත් ක්‍රීඩක ගිවිසුම් සහ විනය විරෝධී හැසිරීම් වල නිරත වුවහොත් ඔහුට එරෙහිව පනවා අත්හිටුවා ඇති වසරක සියලුම මාදිලියේ ක්‍රිකට් තහනම බලපැවැත්වෙනු ඇති.

චාමික කරුණාරත්න හට පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුරදී ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර රාත්‍රී සමාජ ශාලාවකදී ගැටුමක් ඇති කර ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වුණා. සමාජ මාධ්‍ය වාර්තා සඳහන් කළේ, ගුටිබැට හුවමාරුවක් දක්වා දිග් ගැසුණු මෙම ගැටුම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක සහ භානුක රාජපක්ෂ මැදිහත් වී සමථයකට පත් කරගත් බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now