ලොව ප්‍රථම වරට චීනය පහලට දමා ඉන්දියාව එකට එයි..අලුත්ම වාර්තාව මෙන්න..

China India
By Aruna Apr 20, 2023 02:29 AM GMT
Report

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නවතම දත්තවලට අනුව ඉන්දියාව, චීනය අභිභවා ගොස් ලෝකයේ වැඩිම ජනගහනයක් සිටින රට බවට පත්ව තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ ලෝක ජනගහන ලැයිස්තුව සඳහන් කළේ, මේවනවිට ඉන්දියාවේ සමස්ථ ජනගහනය මිලියන 1,428 යි දශම 6 ක් බවයි. එම ලැයිස්තුවට අනුව චීනයේ ජනගහනය මිලියන 1,425 යි දශම 7 ක් වනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ඔවුන්ගේ ජනගහන දත්ත රැස් කිරීම ආරම්භ කරනු ලැබුවේ 1950 වසරේදීයි.

එතැන් පටන් ඉන්දියාව එක්සත් ජාතීන්ගේ වැඩිම ජනගහනය සහිත රටවල් ලැයිස්තුවේ පළමු ස්ථානය දක්වා පැමිණි පළමු අවස්ථාව මෙය බවයි පැවසෙන්නේ.

චීනයට ලොව වැඩිම ජනගහනය සිටින රට ලෙස හිමිව තිබූ කිරුළ අහිමි වී ඇත්තේ 1960 වසරෙන් අනතුරුව පළමු වරට බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ලොව ජනගහනය වැඩි රටවල් ලැයිස්තුවේ 03 වන ස්ථානය අමෙරිකාවට හිමිව තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ දත්ත වාර්තාවලට අනුව අමෙරිකාවේ ඇස්තමේන්තු ගත ජනගහනය මිලියන 340 ක්.

තවද එම වාර්තා පවසන්නේ 2023 වසරේ මැද භාගය වන විට ගෝලීය ජනගහනය බිලියන 8 යි දශම 0 යි 4 යි 5 ක් දක්වා ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

2011 වසරේ සිදුකළ සංගණනයේදී ඉන්දියාවේ ජනගහනය දැක්වුණේ බිලියන 1.21ක් ලෙසය.

ඒ අනුව ගෙවුණු වසර 12 තුළ ඉන්දියාවේ ජනගහනය මිලියන 210කින් පමණ ඉහළ ගොස් තිබේ.

එය බ්‍රසීලයේ සමස්ත ජනගහනයට සමාන අගයකි.

ඉන්දියාව වසර ගණනාවක් තිස්සේ උපත් පාලනයට යොමුව සිටින අතර ජාතික සඵලතා ප්‍රතිශතය 2.0ක අගයක පවත්වාගැනීමට සමත්ව තිබේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now