දිවයින පුරා විදුලිය බිඳවැටීම් සම්බන්ධයෙන් දැනුම් දීමක්..අද සිට වෙන දේ මෙන්න.

Sri Lanka Power cut Ceylon electric Bord Ministry of electricity Udayagammanpila
By Aruna Dec 14, 2021 06:36 AM GMT
Report

අද සිට දිවයිනේ කිසිදු ප්‍රදේශයක විදුලි කප්පාදුවක් සිදු නො කරන බව ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළා.

මේ වනවිට නොරොච්චෝලේ බලාගාරයේ අක්‍රියව පැවති ජනන යන්ත්‍රය යථා තත්ත්වයට පත්කරමින් පවතින බවයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

නොරොච්චෝලේ බලාගාරය යථා තත්ත්වයට පත්වන තුරු දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට සවස 6ත් රාත්‍රී 9යි 30ත් අතර මිනිත්තු 30ක කාලයක් විදුලි සැපයුම අත්හිටුවීමටයි විදුලිබල මණ්ඩලය මීට පෙර කටයුතු කළේ.

මේ අතර ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තිය සමිති කිහිපයක සාමාජිකයන් අද ලෙඩ නිවාඩු වාර්තා කිරීමට තීරණය කර තිබෙනවා.

එසේම ඔවුන් අද විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට ද නියමිතයි.

මේ අතර නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍රය 2 නඩත්තු කිරීමෙන් අනතුරුව ජාතික විදුලිබල පද්ධතියට එක් කළ බව ලංවිම සාමාන්‍යාධිකාරී එම්.ආර්.රණතුංග මහතා පවසයි.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now