විදුලි බල මණ්ඩලයෙන් අනතුරු ඇඟවීමක්..මුළු රටටම අඳුරේ ඉන්න වෙයි?..
Sri Lanka
Ceylon Electricity Board
Power Cut Today
By Aruna
ප්‍රමාණවත් පරිදි වර්ෂාපතනයක් නොලැබීම හේතුවෙන් සියයට 90% ඉක්මවා තිබූ ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශයන්හි ජල මට්ටම මේ වනවිට සියයට 75% දක්වා පහත වැටී ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය කියා සිටිනවා.
එම මණ්ඩලයේ ප්‍රකාශකයෙක් පැවසුවේ, මෙම ජලාශවල ජල මට්ටම 70% දක්වා පහත වැටුණහොත් විදුලිය සැපයීම තවත් අර්බුදකාරී මට්ටමකට පත්වනු ඇති බවයි.
ප‍්‍රධාන ජල විදුලි බලාගාර ආශ්‍රිත ජල මට්ටම් සීඝ්‍රයෙන් පහත වැටෙමින් ඇති බව ඔහු ප්‍රකාශ කළා.
එවැනි තත්ත්වයක් ඇති වුවහොත් විදුලි කප්පාදු කිරීමේ කාල සීමාව තවත් ඉහළ දැමීමට සිදුවන බවට විදුලි බල මණ්ඩලය අනතුරු අඟවා සිටි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |