දෛනික විදුලි කප්පාදුව ගැන ලංකා විදුලි බල මණ්ඩලයෙන් දැනුම්දීමක්...

Sri Lanka Ceylon Electricity Board
By Aruna Aug 29, 2022 06:43 AM GMT
Report

දෛනික විදුලි කප්පාදුව දිගටම ප්‍රමාණවත් දැවි තෙල් නොමැතිවීම හේතුවෙන් විදුලි බලාගාර ක්‍රියාත්මක කරවීමට ගැටලු මතුව ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

ඒ හේතුවෙන් දෛනික පැය 3ක කාලයක් විදුලිය කප්පාදුව කිරීමට සිදුව ඇතැයි ද ලංකා විදුලි බල මණ්ඩලය පෙන්වා දෙයි.

යුගදනවි, සපුගස්කන්ද හා බාච් යන ඉන්ධන බලාගාර ක්‍රියාත්මක කිරීම සඳහා දෛනික දැවි තෙල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 2500ක් වූවත් මේ දිනවල ලැබී ඇත්තේ, දැවිතෙල් මෙට්‍රික් ටොන් 1400 ක් හෝ ඊට අඩු ප්‍රමාණයකි ජල විදුලි නිෂ්පාදනයෙන් ජාතික පද්ධතියට එක්කෙරෙන මෙගවොට් සංඛ්‍යාව 1340 ක් වන අතර නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයෙන් ජාතික පද්ධතියට මෙගාවොට් 600 කට ආසන්න විදුලි ධාරිතාවක් එක් කෙරේ.

විදුලි බල මණ්ඩලය පෙන්වා දෙන්නේ, මෙගාවොට් 2100 ක විදුලි අවශ්‍යතාවය සැපීරීම සඳහා ජල විදුලි උත්පාදනයෙන් හා ගල් අගුරු බලාගාරයෙන් ලබාගන්නා විදුලි ධාරිතාව ප්‍රමාණවත් නොවන බවයි.

මේ නිසා දැවි තෙල් කඩිනමින් බලාගාර වෙත ලැබුණහොත් සපුගස්කන්ද පිරිපහදුව පහසුවෙන් පවත්වාගෙන හා හැකි බව විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කරයි.

එමෙන්ම දෛනික විදුලි කප්පාදුවේ කාලය සීමා කිරීම සම්බන්ධයෙන් හා පවතින තත්ත්වය ගැන අද දවසේ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවත් විදුලි බල මණ්ඩලය දැනුම් දී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join now