වස විස නැති අමුද්‍රව්‍ය වලින් ගෙදරදීම බබාට සීරියල් එකක් හදමු.

Sri Lanka Healthy Food Recipes
By Wayomi Jun 02, 2022 10:12 AM GMT
Report

බබාලට මාස 6 පැන්න ගමන් සාමාන්‍යයෙන් ඝන ආහාර වලට හුරු කරනවා. බත්, එළවලු බෙල්න්ඩ් කරලා දෙනවා වගේම ත්‍රිපෝෂ සහ සීරියල් එහෙමත් දෙනවා. හැබැයි ආහාර සහ භාණ්ඩ හිඟයත් එක්ක දැන් බබාගේ සීරියල් පවා හොයන්න නැති තරම්. ඒ වගේම ගිනි ගණන්. කල් තියාගන්න රසායනික අමුද්‍රව්‍ය එකතු කරපු සීරියල් කඩෙන් අරන් බබාට කවනවට වඩා, වස විස නැති ස්වභාවික අමුද්‍රව්‍ය දාලා ගෙදරදීම සීරියල් එකක් හදලා දෙන්න පුළුවන් නේද?

අවශ්‍ය ද්‍රව්‍ය

? සුවඳැල් හාල් කෝප්ප 1/4

? පරිප්පු කෝප්ප 1/4

? මුංඇට කෝප්ප 1/4

? සුදු කව්පි කෝප්ප 1/4

? රතු කව්පි කෝප්ප 1/4

? කඩල කෝප්ප 1/4 

සාදාගන්න ආකාරය

? මේ සියල්ලම හොඳට සෝදගන්න.

? පසුව වතුර බේරෙන්න තියලා ටිකක් වේලාගන්න.

? ඉන්පසුව කබලෙ බැදගන්න. ගොඩක් කර කරගන්න එපා.

? ලිපෙන් බාලා නිවෙන්න තියලා ග්‍රයින්ඩ් කරගන්න.

? ඊළඟට මේක පෙනේරයකින් හලාගන්න.

? දැන් හුලවන් නොවදෙන බෝතලයකට දාලා අරන් තියලා අවශ්‍ය වෙලාවට බබාට හදලා දෙන්න.