14 හැවිරිදි සිසුවා සිදු කළ බිහිසුණු වෙඩි තැබීමෙන් සිසුන් අටක් සහ ආරක්ෂකයෙකු ජීවිතක්ෂයට (විදෙස්)

Shooting Crime
By Sewvandhi May 03, 2023 10:30 AM GMT
Report

සිසුන් 8දෙනෙකු සහ පාසල් ආරක්ෂකයෙකු14 හැවිරිදි සර්බියානු සිසුවෙක් පාසල තුළ සිදුකළ වෙඩි තැබීමකින් මියගොස් තිබේ.

මෙම වෙඩි තැබිම සිදුව තිබුණේ සර්බියාවේ බෙල්ග්‍රේඩ් අගනුවර පිහිටි ප්‍රාථමික පාසලක් තුළය.

 සිය පියාගේ ගිනිඅවිය භාවිතා කරමින්,සැකකාර සිසුවා එම වෙඩිතැබීම සිදුකර තිබුණා.

ප්‍රහාරයෙන් තවත් සිසුන් 6 දෙනෙකු සහ ගුරුවරයෙකු ද තුවාල ලබා රෝහල්ගත කර තිබේ. ප්‍රහාරයට හේතුව මෙතෙක් හඳුනාගෙන නොමැති අතර ඊට අදාළ විමර්ශන ක්‍රියාත්මකය.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now