සිපෙක්ට්කෝ ඉන්ධන මිලත් ඉහළට.. වැඩි වූ මිළ ගනන්..
ලංකා ඛනිජ තෙල් සංස්ථාව සිය ඉන්ධන මිල ගණන් ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 77කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 254ක්. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 76කින් ඉහළ නංවා තිබෙනවා.
එහි නව මිල රුපියල් 284ක් වනවා. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඔටෝ ඩීසල් ලීටරයක මිල ඉහළ නංවා ඇත්තේ රුපියල් 55කින්. එහි නව මිල රුපියල් 176ක්. එහි සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 95කින් ඉහළ නංවා ඇති අතර නව මිල රුපියල් 254ක් වනවා. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ භූමිතෙල් මිලෙහි කිසිදු වෙනසක් සිදුකර නැහැ. අද (11) මධ්‍යම රාත්‍රියේ සිට මෙම නව මිල ගණන් ක්‍රියාත්මක වනු ඇති
. සති පහක කාලයක් තුළ ලංකා අයි.ඕ.සී. ඉන්ධන මිල ගණන් ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි තුන්වැනි වරටත් ඉහළ දමා තිබෙනවා. ඒ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 50කින් සහ ඩීසල් ලීටරයක මිල රුපියල් 75ක් වශයෙන්. මේ අතර සිපෙට්කෝ ඉන්ධන මිල ගණනුත් ඉහළ දැමීමට සිදුවනු ඇති බවයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සඳහන් කළේ. මේ වසරේ මුල්වරට ලංකා අයි ඕ සී ඉන්ධන මිල ගණන් ඉහළ දැමුණේ පසුගිය මස 6 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිටයි.
ඉන් සති තුනකට පසු පසුගිය මස 25 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි නැවත වරක් ලංකා අයි ඕ සී ඉන්ධන මිල ඉහළ දැමුණා. එවන් පසුබිමක ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිද තුන්වැනි වරටත් ලංකා අයි. ඕ .සී ඉන්ධන මිල ඉහළ දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව සියලුම ලංකා අයි ඕ සී පෙට්‍රල් මිල රුපියල් 50කින් සහ ඩීසල් මිල රුපියල් 75ක් කින් ඉහළ ගියා.
මිල ඉහළ දැමීම අනුව රුපියල් 204ක්ව පැවති 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 254ක් වන අතර රුපියල් 233ක්ව පැවති 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 283ක්. එක්ස්ට්‍රා ප්‍රිමියම් ලීටරයක නව මිල රුපියල් 263ක් දක්වාත් ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 214 දක්වාත් ඉහළ ගොස් ඇති අතර සුපර් ඩීසල් ලීටරයක නව මිල දැක්වෙන්නේ 252ක් ලෙසයි.
ලංකා අයි.ඕ.සී සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තුළ අවප්‍රමාණය වීම හේතුවෙන් ඉන්ධන මිල මෙලෙස දැමූ බවයි. රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් ඩීසල් හා පෙට්‍රල් ගොඩබෑමේ වියදම් සඳහා සෘජු බලපෑමක් එල්ල වී ඇතැයි එම සමාගමේ කළමණාකරණ අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා සිය නිවේදනය මඟින් වැඩිදුරටත් සඳහන් කළා.
ලංකා අයි.ඕ.සී මිල තුන්වැනි වරටත් ඉහළ දැමූ පසුබිමක සිපෙට්කෝ මිල ගණන් සංශෝධනය කරන්නේ ද යන්න සම්බන්ධයෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් අප විමසීමක් කළා. ඊට ප්‍රතිචාර දක්වමින් එහි සභාපති සුමිත් විජේසිංහ මහතා සඳහන් කළේ, ලෝක වෙළෙඳපොලේ පවතින ඉන්ධන මිල ගණන් යටතේ සංස්ථාව ලබන අධික අලාභය පියවා ගන්නා ආකාරය පිළිබඳව අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ බවයි.
ඒ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය සමඟ ද සාකච්ඡාවක් පැවැත්වීමට ඉල්ලීමක් කර ඇතත් මේ දක්වා ඊට ප්‍රතිචාරයක් නොලැබුණු බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ ද අප කළ විමසීමකදී සඳහන් කළා. කෙසේවෙතත් මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ සිපෙට්කෝ ඉන්ධන මිලද ඉහළ යාමේ ඉඩකඩක් ඇති බවයි. සිපෙට්කෝ මිල ගණන් අවසන් වරට ඉහළ දමා ඇත්තේ පසුගිය වසරේ ජුනි මස 11 වැනිදා වන අතර ලංකා අයි.ඕ.සී මිල ගණන් සහ සිපෙට්කෝ ඉන්ධන මිල පරතරයන් දැක්වෙනවා.
මේ අතර ලංකා අයි.ඕ.සී ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ බස් ගාස්තු ද යළි සංශෝධනය කෙරෙහි අවධානය යොමුව තිබෙනවා. ත්‍රීරෝද රථ ගාස්තුවද ඉහළ දමන බවයි සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතිය පවසන්නේ. බස් සහ ත්‍රීරෝද රථ මගී ගාස්තු ඉහළ දැමීමට වන යෝජනා සම්බන්ධයෙන් මගී ජනතාවගෙන් දැඩි විවේචනයක් එල්ල වුණා. මේ අතර ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ පාසල් ළමුන් ප්‍රවාහන සේවාවන්වල ද ගාස්තු වැඩිකෙරෙන බව එම සේවාවල නිරත පිරිස් පවසනවා.
ලංකා අයි.ඕ.සී මිල මෙලෙස නැවත වරක් ඉහළ ගොස් ඇත්තේ රට පුරා ඉන්ධන හිඟයට ද තවමත් පිළියමක් නොමැති පසුබිමකයි. මේ අතර බලශක්ති ආනයනය සඳහා ශ්‍රී ලංකාව ඉල්ලා සිටි අමෙරිකානු ඩොලර් මිලියන 500ක ණය පහසුකම සඳහා කොන්දේසි මත ඉන්දීය මහ බැංකුවේ අනුමැතිය හිමිව තිබෙනවා.
මෙහිදී ණය පහසුකමෙන් 75%ක් ඉන්දීය අපනයනකරුවන්ගේ භාණ්ඩ ආනයනය කිරීම සඳහා යොදාගත යුතු අතර ඉතිරි 25% වෙනත් ඕනෑම රටකින් භාණ්ඩ ආනයනය සඳහා යොදාගත හැකියි.
ණය පහසුකම මාස 6ක කාලය සඳහා ක්‍රියාත්මක වන අතර, මෙරට ඉල්ලීම මත එය තවත් වසරක කාලයක් සඳහා දිර්ඝ කළ හැකි බවද ඉන්දීය මහ බැංකුව දැනුම් දී තිබෙනවා.