බැංකු වලින් ණය ගැනීම ප්‍රශ්නයක් වෙයි..මහ බැංකු අධිපතිගෙන් දැනුම්දීමක්..

Central Bank of Sri Lanka Nandalal Weerasinghe Economy of Sri Lanka
By Aruna Mar 27, 2024 03:18 AM GMT
Report

රජය විසින් පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවීම නිසා බැංකුවලින් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට ණය ලබාදීමේ අපහසුවක් ඇති විය හැකි බව මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කර තිබෙනවා.

මහ බැංකු අධිපතිවරයා ඊයේ (26දා) මහ බැංකු මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පැවසුවේ, මේ තීරණය නිසා ණය ලබාදීමේ පහසුව වැඩි නොවන බවත් මෙය ණය සැපයීමට හොඳ නැති බවයි.

අධිපතිවරයා එහිදී වැඩිදුරටත් මෙසේ ද කියා සිටියා,

මේ තුළින් බැංකුවලින් ණය ලබාදීම අදිමදි වෙන්න පුළුවන්. බැංකු ණය ලබාදෙන්නේ තැන්පත්කරුවන්ගේ මුදල්වලින්.

ඒ තැන්පත්කරුවන්ගේ මුදල්වලින් දුන් ණය අයකර ගැනීමට බැංකුවලට බාධාවක් තියෙනවා නම් කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට ණය ලබාදීමේදී බැංකු විසින් මීට වඩා යම්කිසි ආකාරයක පරිස්සම් වීමක් වෙන්න පුළුවන්.